ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු තීරය කියන්නේ..... නැගෙනහිර මුහුදු තීරයේ ආරම්භය නිලාවැලි තීරයෙන් තමයි පටන් ගන්නේ.... අවසානය ආරුගම්බේ එහෙමත් නැත්නම් පොතුවිල්, පානම මුහුදු තීරයෙන් තමයි නිල වශයෙන් අවසන් වෙන්නේ.... මේ මුහුදු තීරය ගැන.. මෙයට ලස්සන මුහුදු තීර මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන, රක්ෂිත වනාන්තර ආදී සියල්ල ඇතුලත්...
මේ චාරිකාව අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ ත්‍රීකුණාමලයට උතුරින් පිහිටි කෝකිලායි කලපුවෙන්.. එතැන් පටන් කුච්චුවේලි, නිලාවැලි, උප්පුවේලි, ත්‍රීකුණාමලය, කදිරවේලි, වාකරේ, පාසිකුඩා, කල්කුඩා, මඩකලපුව, අක්කරේපත්තු, පොතුවිල්, පානම, හරහා ගොසින් කුමන රක්ෂිත වනාන්තරයෙන් එහෙමත් නැත්නම් කුමන කුරුළු පාරාදීසයෙන් අවසන් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ.....
එහෙනම් පළමු වෙනි ලිපියෙන් අපි කෝකිලායි කලපුවේ ඉදන් දකුණට එමු... ඒ A15 මාර්ගය දිගේ.. අලිමංකඩින් පටන් ගන්න මේ A15 මාර්ගය අවසන් වෙන්නේ ත්‍රීකුණාමලය හරහා මඩකලපුවට ගිහින්... සමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ මඩකලපුව යාපනේ මාර්ගය කියලයි.... ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ මාර්ගය දිගේ කෝකිලායි සිට ත්‍රීකුණාමලයට එන්න....
කෝකිලායි කලපුව.. ලස්සන කුරුළු අභය භූමියක්.. තිස් වසරක් පැවති දරුණු යුද්ධමය වාතාවරණයෙන් මිදිලා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා... කෝකිලායි කළපුවේ තියෙන විශේශත්වය තමයි මහ මුහුද අද්දර තියෙන රූස්ස ගස්... විවිධ වන සතුන්ද සිටිනවායැයි කීවත් යුද්ධයෙන් පසු ඒ ගැන ලොකු විස්තරයක් දකින්න හමුවෙලා නෑ.. නමුත් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති සතුන් විශෙශයක් වන තිත් හොට පැස්තුඩුවන් නම් හොඳින් දැක බලාගන්න පුළුවනි... අවසනාවකට මේ සුංදර කෝකිලායි කලපුව ඉතා දැඩි පරිසර දූෂන අවධානමකට ලක් වී ඇති බවත් කිව යුතුයි....
මඟ දිගට හමුවන ලූණු වගාබිම්.. |
කෝකිලායි කළපුව පහුකරලා අපි එන්න ඕන පුල්මුඩේට.. මෙය ගොඩ බිමින් යනවානම් ඉතා ගොඩාක් වෙලා යන වැඩක්.. නමුත් මුහුදින් එනවානම් පොඩි කාලයක් ගත කරලා ආවහැකි.. පුල්මුඩේ තමයි ලංකාවේ ඛණිජ වැලි සමාගම තියෙන්නේ... පුල්මුඩේ අවට තියෙන රළු ඛණිජ වැලි එකතු කරමින් ඒවා පිරිපහදු කර ඉල්මනයිට් මොනසයිට් වැනි ඛණිජ නිශ්පාදනය කරමින් හා අපනයනය කරමින් සැලකිය යුතු විදේශ විනිමයක් අපේ රටට ගේනවා....
දිඟු හා පලල සුංදර නිලාවැලි වෙරල.. |
ඈතින් දිස්වෙන පරවි දූපත |
දැන් ඔබ ඉන්නේ සුන්දර ත්‍රීකුණාමලය නගරයේ...... ඉතින් නින්දක් දාගෙන තව මොනවාහරි කරනවනම් යාළුවොත් එක්ක ඒවත් කරලා විවේක ගන්නකෝ... අපි යමු ඊලඟ ලිපියෙන් ත්‍රීකුණාමලය නගරය වටේ...
උප්පුවේලි මුහුදේ විනෝද වන සංචාරකයෝ... |
දුරකථන : +94714449162
+94112847690
විද්‍යුත් තැපැල් : abeetha@ explorelankainternational.com