මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Friday, March 30, 2012

නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන........ අංක 01


ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු තීරය කියන්නේ..... නැගෙනහිර මුහුදු තීරයේ ආරම්භය නිලාවැලි තීරයෙන් තමයි පටන් ගන්නේ.... අවසානය ආරුගම්බේ එහෙමත් නැත්නම් පොතුවිල්, පානම මුහුදු තීරයෙන් තමයි නිල වශයෙන් අවසන් වෙන්නේ.... මේ මුහුදු තීරය ගැන.. මෙයට ලස්සන මුහුදු තීර මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන, රක්ෂිත වනාන්තර ආදී සියල්ල ඇතුලත්... 


මේ චාරිකාව අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ ත්‍රීකුණාමලයට උතුරින් පිහිටි කෝකිලායි කලපුවෙන්.. එතැන් පටන් කුච්චුවේලි, නිලාවැලි, උප්පුවේලි, ත්‍රීකුණාමලය, කදිරවේලි, වාකරේ, පාසිකුඩා, කල්කුඩා, මඩකලපුව, අක්කරේපත්තු, පොතුවිල්, පානම, හරහා ගොසින් කුමන රක්ෂිත වනාන්තරයෙන් එහෙමත් නැත්නම් කුමන කුරුළු පාරාදීසයෙන් අවසන් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ..... 


එහෙනම් පළමු වෙනි ලිපියෙන් අපි කෝකිලායි කලපුවේ ඉදන් දකුණට එමු... ඒ A15 මාර්ගය දිගේ.. අලිමංකඩින් පටන් ගන්න මේ A15 මාර්ගය අවසන් වෙන්නේ ත්‍රීකුණාමලය හරහා මඩකලපුවට ගිහින්... සමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ මඩකලපුව යාපනේ මාර්ගය කියලයි.... ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ මාර්ගය දිගේ කෝකිලායි සිට ත්‍රීකුණාමලයට එන්න....


කෝකිලායි කලපුව.. ලස්සන කුරුළු අභය භූමියක්.. තිස් වසරක් පැවති දරුණු යුද්ධමය වාතාවරණයෙන් මිදිලා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා... කෝකිලායි කළපුවේ තියෙන විශේශත්වය තමයි මහ මුහුද අද්දර තියෙන රූස්ස ගස්... විවිධ වන සතුන්ද සිටිනවායැයි කීවත් යුද්ධයෙන් පසු ඒ ගැන ලොකු විස්තරයක් දකින්න හමුවෙලා නෑ.. නමුත් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති සතුන් විශෙශයක් වන තිත් හොට පැස්තුඩුවන් නම් හොඳින් දැක බලාගන්න පුළුවනි... අවසනාවකට මේ සුංදර කෝකිලායි කලපුව ඉතා දැඩි පරිසර දූෂන අවධානමකට ලක් වී ඇති බවත් කිව යුතුයි....
මඟ දිගට හමුවන ලූණු වගාබිම්..


කෝකිලායි කළපුව පහුකරලා අපි එන්න ඕන පුල්මුඩේට..    මෙය ගොඩ බිමින් යනවානම් ඉතා ගොඩාක් වෙලා යන වැඩක්.. නමුත් මුහුදින් එනවානම් පොඩි කාලයක් ගත කරලා ආවහැකි.. පුල්මුඩේ තමයි ලංකාවේ ඛණිජ වැලි සමාගම තියෙන්නේ... පුල්මුඩේ අවට තියෙන රළු ඛණිජ වැලි එකතු කරමින් ඒවා පිරිපහදු කර ඉල්මනයිට් මොනසයිට් වැනි ඛණිජ නිශ්පාදනය කරමින් හා අපනයනය කරමින් සැලකිය යුතු විදේශ විනිමයක් අපේ රටට ගේනවා....


දිඟු හා පලල සුංදර නිලාවැලි වෙරල..
වෙරළ තීරය දිගේ පහලට එන අපට විඩා නිවීම සඳහා  මුණ ගැහෙන ඊලඟ වෙරල තීරය තමයි කුච්චුවේලි කියන්නේ.... එය පහුකරණ අපට මුණ ගැහෙන්නේ ලංකවේ මුහුදු තීරයන් අතරින් ඉතා සුංදරම මුහුදු තීරයක් වන නිලාවැලි මුහුදු තීරය.... නිලාවැලි මුහුදු තීරය කියන්නේ ශ්‍රී ලංකාව සතු පළලින් වැඩිම වගේම අලංකාරයෙන් අග තැන්පත් මුහුදු වෙරල තීරයක්.... ඒ වෙරලට නිල් පාටින් බබලන නිසළ මහ මුහුද  ගේන්නේ ඉතාම සොඳුරු අලංකාරයක්... නොගැඹුරු හා භයානක නැති මුහුදේ කිලෝමීටරයක් තරම් ඈතට ඇවිදගෙන යන්නට පුළුවන් වීම නිසා සංචාරකයන් මේ වෙරළ තීරයට සහ මුහුදු තීරයට දක්වන්නේ අසීමිත කැමැත්තක්... වෙරලේ සිට කිලෝ මීටර පහක් පමණ ඈතින් පිහිටා තිබෙන පරෙවි දූපතද ඉතා මනරම් ස්තානයක්.. බෝට්ටුවකින් ගමන් කළ හැකි අතර දිනය පුරාම විනෝද වන්නට මෙන්ම කුරුල්ලන් නරඹන්නටද මේ දූපත ඉතා සොඳුරු ස්ථානයක්... 


ඈතින් දිස්වෙන පරවි දූපත
නිලාවැලි මුහුදු තීරයෙන් පිටත් වී දකුණට ඇදෙන ඔබට ඒ සමානම මුහුදු තීරයක් තමයි ඇහැ ගැටෙන්නේ.. ඒ උප්පුවේලි මුහුදු තීරයයි... රාත්‍රිය ගත කරන්න නිලාවැලි සේම උප්පුවේලි මුහුදු තීරයත් පරාදීසයක්.. අනතුරුව ඔබ පිවිසෙන්නේ ත්‍රීකුණාමලය නගරයට.. සංචාරකයින්ට තෝතැන්නක් වෙන ත්‍රීකුණමල නගරයට ආසන්නම වෙරළ තීරය තමයි පළිඟු වෙරල තීරයත් ඉතා සොඳුරු වෙරල තීරයක්... එආ ආසන්නයේ නවාතැන් ගැනීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔබට පහසුකම් සායලා තියෙනවා....


දැන් ඔබ ඉන්නේ සුන්දර ත්‍රීකුණාමලය නගරයේ...... ඉතින් නින්දක් දාගෙන තව මොනවාහරි කරනවනම් යාළුවොත් එක්ක ඒවත් කරලා විවේක ගන්නකෝ... අපි යමු ඊලඟ ලිපියෙන් ත්‍රීකුණාමලය නගරය වටේ...
උප්පුවේලි මුහුදේ විනෝද වන සංචාරකයෝ...

සහායක් අවශ්‍ය වුනොත් මේ අංක වලට සහ විද්‍යුත් ලිපින වලට කතා කරන්න,,, 



දුරකථන            : +94714449162

                            +94112847690


විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Wednesday, March 7, 2012

විදේශ ගතද? විවාහය ලංකාවේ කරන්න හිතාගෙන ඉන්නවද?



කැබලිත්ත ලිපි පෙලින් පස්සේ දිඟු නිහැඩියාවකට එළඹෙන්න වුනා තිබ්බ කාර්යබහුලත්වය නිසා.. අදත් අපි කියන්න යන්නේ අපි ලබා දෙන තවත් එක් සුවිශේෂී සේවාවක් ගැන.. ඔයාලා හැමෝම දන්නවනේ පිටරට ඉන්න ශ්‍රී ලංකිකයෝ වෙනුවෙන් අපි සේවාවන් රැසක් හඳුන්වලා දීලා තියෙනවා... උදාහරණයක් වශයෙන් කාර් ලබාදීම, හෝටල් වෙන් කරවා දීම වගේම ඔබගේ නිවාඩුව ඵලදායීව ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම වගේ සේවාවන්... ඉතින් අද කියන්න යන්නේ විදේශගතව ඉන්න තරුණ ඔබට සහනයක් ලෙස දැනෙන තවත් එක ආරංචියක්.... ඒ තමයි ඔබගේ මංගල උත්සවය අප ලවා ඔබට අවශ්‍ය ඕනම විදිහකට ඔබට අවශ්‍ය තේමාවකට අප ලවා ඉතා පහසු මිලකට සංවිධානය කරගන්න පුළුවන්....  ඒ ගැන වැඩි විස්තර පහත  පරිදි සිද්ධ වෙනවා....




ඔබත් ඔබේ පෙම්වතියත් දෙදෙනම ඉන්නෙ පිටරට නම් ලංකාව තුල විවාහයක් කරන්න සැලසුම් කිරීමේදී ඔබ ගැටළු කිහිපයකට මැදි වෙනවා.... ඒවායින් කිහිපයක් තමයි මේ පහතින් තියෙන්නේ.....


1. නිසි සේවා දායකයින් සම්භන්ධ කරගන්නේ කෙසේද යන ගැටළුව... (මනාලියන් ඇන්දවීම, ඡායාරූප ශිල්පීන්, මල් සැරසිලි, පෝරු කටයුතු හා අනෙක් ආගමික කටයුතු වැනි..)


මේකේදි ගොඩාක් අය පත්වෙන තත්ත්වය තමයි නම පමණක් බලලා සේවා දායකයා සම්භන්ධ කරගැනීම... ඒ වගේමයි ඔබට බලන්න වෙන්නේ නෑ සාම්පල කිසිවක්. ඉතින් විවාහය දවසට මුහුණ ඇඹුල් කරගෙන තමයි ඉන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච දේම එතන නැති නිසා... මේකෙදි අපේ සේවය වැදගත් වෙන්නේ මෙහෙමයි. අපි ලංකාවේ ගොඩාක් මේ කටයුතු කරන අයත් එක්ක සම්භන්ධයි... ඔබ අපිට කථා කරලා කියද්දි අපේ විවාහය වෙන්නේ මෙන්න මේ තේමාව යටතේ කියලා අපි දන්නවා ඔබට මුණ ගැස්සවිය යුතු සේවා  දායකයින් කවුද කියලා... ඉන් අනතුරුව ඔබට ඒ අයත් එක්ක කතා කරලා ඔබට ඉතා නිවැරදි තීරණයක් ලබා ගැනීමට හැකි වෙනවා....


2. ලංකාවත් එක්ක කටයුතු කරන කොට තිබෙන ප්‍රායෝගික අපහසුතාවය...


සමහර විට ඔබට උදව් කරන්නේ ලංකාවේ ඉන්න මිතුරු මිතුරියො හෝ ඔබේ දෙමවුපියෝ, සහෝදරයින් වගේ අය වෙන්න පුළුවන්... නමුත් ඔබේ අවශ්‍යතා වලට ඔවුන් ක්‍රියාකරනකොට ඔවුන්ගේ වැඩ කටයුතු පාඩු නොකරන ගමන් ඔබේ වැඩ කටයුතු කිරීම නිසා සමහර කාලය, හිතවත්කම් පිළිබඳ ගැටලු ගොඩාක් ඔබට ඇතිවෙන්න පුලුවන්... නමුත් අපේ සේවය ලබා ගැනීමේදී ඔබ වෙනුවෙන්ම සම්භන්ධීකාරකවරයෙක් සිටින නිසා ඔබට ඒ ගැටළු ඇති නොවී තමන්ගේ පාඩුවේ ඔබේ විවාහය සංවිධානය කර ගැනීමේ හැකියාව තිබෙනවා...


3. ඔබේ තේමාව තුළ සැම දෙයක්ම කිරීමේ අපහසුතාවය.


සම්ප්‍රදායික තේමාවන් ලෙසට, ඒ කියන්නේ උඩරට, පහතරට හා බටහිර කියන තේමාවන්ට කරන විවාහ මංගල්‍යයන් වගේම නව ආරකට අහස, මුහුද, සුලඟ, වනය වගේ තේමාවන් වලට යන විවාහ මංගල්‍යයන් වලටත් මීට අමතරව යන වෙනත් තේමාවන් එක්ක යන විවාහ මංගල්‍යයන් වලදීත් ගොඩාක් අංගයන් මේ තේමාවලින් පිටට යන එක ඉතා සුලඹ දෙයක්... අපත් එක්ක සම්භන්ධ වන ඔබට ඉතා පුංචිම දේ සිට හැම දෙයක්ම ඔබේ තේමාවට අදාලවම කරගැනීමට අවශ්‍ය උපදෙස් හා සහාය අපෙන් ලැබෙනවා....


4. ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් වීම..


ඔබ එතෙර සිට සම්භන්ධ කරගන්න සේවා දායකයින් වෙනත් වෙනත් කාරණා කියමින් තව තවත් සේවා ගාස්තු එකතු කිරීම තුළින් ඔබ බලාපොරොත්තු වූවාට වඩා ලොකු වියදමක් දැරීමට සිද්ධ වීම... අප සමන්ග එකතු වන ඔබට තිබෙන්නේ මුළින්ම අපට ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය ගැන අදහසක් මෙන්ම ඔබේ හිතේ තිබෙන මංගල උත්සවය අපට පැවසීම පමණයි.. වෙනස ඔබ අත් විඳීවි...


5. හෝටල් පිළිබඳ ගැටළු


විවාහ උත්සවය මෙන්ම නැවත නිවසට පැමිනීමේ උත්සවය පැවැත්වෙන හෝටල් පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති නිසා තමන් ගෙවන මුදලට වටිනාකමක් ඇති  හෝටල් සේවා ලබා ගැනීමට නොහැකි වීම ගොඩාක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්ණයක්.. මෙහිදීත් අපි ඉතා හොඳින් එම මෙනුපත් සහ වෙනත් සේවාවන් ගැන ඔබ දැනුවත් කරන නිසා වගේම එම හෝටල් පිළිබඳ මූලික අදහසක් දෙන නිසා ඔබට ඒ පිළිබඳ තීරනය කිරීම ඉතා පහසුයි...  ඒ විතරක් නෙමෙයි ඔබේ මධු සමයට යන හෝටල් සම්භන්ධයෙන්ද ඔබ සැලකිලිමත් විය යුතුයි.. හොඳ නමක් ඇති හෝටලයකට ගොස් මධු සමය ගත කරලා හෝටල් අත් දැකීමක් එකතු කරගන්නවාට වඩා ලංකාව තුල ඇති මධු සමය ගත කරන යුවලවල් සඳහාම සැකසූ හෝටල් වලට ගොස් ඉතා සුංදර මධු සමයක් ගත කරන්නටත් ඔබට හැකි වේවි....


මේ වගේ තවත් ගොඩාක් දේ ගැන මේ මාතෘකාවේදි අපට කතා කරන්න පුළුවන්. ඉහත කථා කලේ ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන විතරයි... පහත තියෙන සංනිවේදන මාධ්‍යයන් තුලින් ඔබට අපිව සම්භන්ධ කර ගැනීමට හැකිවේවි...


දුරකථන            : +94714449162

                            +94112847690


විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com




Tuesday, October 4, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න... 2


යාල ජාතික වනෝද්‍යානය ගැන ලියැවෙන කථා මාලාවේ තුන්වැන්න තමයි මේ.. දෙවෙනි ලිපියෙන් අපි කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන ගමන ගැන... එම ගමනේ දෙවෙනි පියවර ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ... ගියවර ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන මාර්ගය, පේවීම ගැන... අද පූජාව සැකසීම, පූජාව පිදීම හා ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන කතා කරමු... එහෙමනම් කෙලින්ම කථාවට යමු...

පූජාව සැකසීම

අපි මුලින්ම කථා කරමු පූජාව සැකසීම ගැන.... ශ්‍රී ලංකාව පුරා තිබෙන පූජනීය ස්ථානවල පූජාව හදන ක්‍රමයට වඩා ගොඩාක් වෙනස් මෙහි පූජාව.. අපේ සිත්වල භක්තිය උපරිම කරමින් පූජාව සැකසෙන ක්‍රමයක් තමයි තියෙන්නේ.... මේ පිළිබඳව හසල දැනුමක් තියෙන වන සත්ව නියාමක මධුශාන් මහත්තයා තමයි අපව මේ පිළිබඳව දැනුවත් කලේ...  මුළින්ම අපි කලේ කුඹුක්කන් ඔය අයිනට ගොසින් වලවල් හතක් හාරපු එක... හැම වලක්ම අතින් හෑරීම වැදගත්... ඉන් පසු කොල අතු ගෙනත් ඉහලින් කොල රොඩු නොවැටෙන්න ඒවා වහපු එක... එහෙම කරන්න හේහුව වෙන්නේ පූජාව සඳහා පිරිසිදුම ජලය ලබා ගන්න එක.. ඉන් පසුව අපි කුඹුක්කන් ඔයෙන් නා පිරිසින්දු වුනා.. ඊලඟට පෑඅ කාරිය උනේ දේව පූජාව සකසන එක... ගොඩාක් අය දන්නවා ඇති කතරගම දෙවියන් සඳහා පිළියෙල කරන පැණි බත... එහෙම නැත්නම් අපි හඳුන්වන්නේ මුරුතැන් බත කියන එක... එය සැකසීම තමයි අපි දැන් කරන්න යන්නේ.... ලිප් ගල් තුනක් එකට තබා ඊට උඩින් උඩු වියන් බැඳ තමයි මේ කටයුත්ත කරන්නේ.. අපේ කෙළ පොදක්වත් මේ අහාර වලට මිශ්‍ර වීම වැලැක්වීම සඳහා මුඛ්හවාඩම් බැදීමක්ද කෙරෙනවා... සීනි, හකුරු, මුන්, මුද්දරප්පලම් එකතු වුන ඉතා ප්‍රණීත රසැති බතක් තමයි මේ පැණි බත කියන්නේ... මේ ආකරයට පිළියෙල කර ගත්ත පැණි බත අපි පිරිසිදුව පාත්තර වලට බෙදා වසා සකසා ගන්නවා... 

ඉන් අනතුරුව තමයි අපි පූජා වට්ටිය සකසන්නේ.... පළතුරු 9ක් හෝ 12ක් ලෙස තමයි මේ වට්ටිය සැකසෙන්නේ.. එයත් මුඛවාඩම් දමාගෙන තමයි අපි සැකසුවේ.. මේ පිංතූර වලින් ඔබ දකින්නේ එයයි... වට්ටිය මත පිළිවෙලට බුළත් කොළ ඇතිරා ඒ මත කහ වතුරින් සෝදාගත් පළතුරු තැබීමත්, ඒ මත හඳුන්කූරු, කපුරු ආදිය මෙන්ම පඬුරුද තැබීමයි කරන්නේ... අපි දැන් පූජාව පිදීම ගැන කථා කරමු...

පූජාව පිදීම

පූජාව සැකසීම අවසන් වුනාට පස්සේ අපි නැවතත් කුඹුක්කන් ඔයෙන් නා ගෙන පිරිසිදු වී සුදු ඇදුමින් සැරසුනා... පිරිමි අයට මේ සඳහා සුදුසු සුදු පැහැ සරමක්... කාන්තාවන් වැඩිය මෙහි ගමන් නොකරතත් (පුරාණයේ නම් මේ බිමට කාන්තාවෝ එන්නෙම නෑ කියලයි කිව්වේ) එනවානම් සුදුසු සුදු පැහැ ඇඳුම්ව් ඇඳීම තමා ගොඩාක් සුදුසු... පිරිමි අයගේ උඩුකයට ඇඳුමක් නැති වුනත් ගැටළුවක් නෑ.... (යාපනය නල්ලූර් කෝවිලට ගිය අයට මේ අත්දැකීම ඇති....) පූජාව සැකසූ ස්ථානයේ සිට මීටර 100ක් වගේ ඈතින් තමයි මේ ඓතිහාසික සියඹලාපේ දේවාලය පිහිටලා තියෙන්නේ... ඉතින් අපි මේ පුද පූජාවන් අරගෙන දේවාලය බලා පිටත් වුනා.. දේවාලයට යෑමට ප්‍රථම සියඹලාපේ ඓතිහාසික බෝධීන් වහන්සේ හම්බෙනවා.... බෞද්ධයින් වශයෙන් අපි එතනට ගොසින් මල් පූජා කර, පහන් හඳුන්කූරු පත්තු කර තෙරුවන් සිහිකරගෙන දේවාලය බලා පිටත් වුනා....

මේ දේවාල භූමිය හරිම අමුතුයි, පය තැබූ සැනින් එන්නේ හරිම නිවිච්ච, ගුප්ත, භක්තිමත් හැඟීමක්.... මෙහි අඳුරු කුටි නැහැ... ආරූඪ වෙන කපු මහත්තුරු නැහැ... නොතේරෙන යාතිකා නැහැ.... පඬුරු පෙට්ටි නැහැ.... එතරම්ම නිස්කලංක දෙවියන් වැඩ සිටිය හැකියැයි අපටම හැගෙන තරමටම සුවදායීඑ භූමියක්... එම දේවාල භූමිය පිරිසිදු කිරීමෙන් අනතුරුව අපි අපේ පුජ්ජවන් තබා පේ ප්‍රාර්ථනා ඉටුකරගැනීමට දෙවියන් සහය යැද්දා.... එහි වැඩ කටයුතු අවසනයේ පසු පසට ගමන් ගත් අපි දේවාලය පෙනෙන නොපෙනෙන මානයේදී හැරිලා නැවත සියඹලාපේ බෝධීන් වහන්සේ වැඳ පුදා එම පූජා භූමියෙන් ඉවතට ආවා.... ඔබට දැන් ගටලුව්ක් ආවා නේද ඇයි අප පසු පසට ගමන් ගත්තේ කියලා.... හිතෙ තිබෙන භක්තිය නිසාත් හා එය චිරාත් කාලයක් පැවතගෙන එන චාරිත්‍රයක් නිසාත් තමයි අපි එහෙම පසු පසට ඇවිදගෙන ආවේ.... 

අපි දැන් පූජාව සැකසීම සහ පිදීම ගැන කිව්වා.... දැන් අපි කියන්නේ මේ දේවාලය හා බැඳුන අපූරු සිදුව්වෙම් දෙක තුනක්... දේවාලය සලම තිබෙන හමුදා සොයුරන් කියපු දේවල් තමයි අපි මේ කියන්න යන්නේ..... අපි විශ්මයට පත් උන සිද්ද වුන පුවත තමයි එක් වන අලියෙක්ගේ ක්‍රියා කලාපය... යුධ හමුදා සොයුරන් ඔහුව හදුන්වන්නේ දේවාලේ අලියා කියලා.. මේ දේවාලේ අලියාගේ ක්‍රියා කලාපය මොකක්ද දන්නවද? සතියකට වරක් හෝ දෙවරක් පැමිණ දේවාල භූමියේ තිබෙන සියළුම අනවශ්‍ය ඉදිකිරීම් කඩා බිඳ දමන එක... එසේ කඩා බිඳ දමා දේවාල භූමිය පෙර තිබූ පරිදිම සකසා තැබීම තමයි මේ රාජකාරිය.. වන සත්ව නියාමක මදුශාන්ගේ අත් දකීම් වලට අනුව පේ නොවී එන අයට බලාපොරොත්තු නොවන කරදර වලට මුහුණ පාන්න සිදුවන බවක් කීවා... කුඹුක්කන් ඔය හා අනෙක් ආරු හදිසියේ පිටාර ගලන්නට පටන් ගැනීම, වනයේ අතරමං වීම වැනි කාරණා ඔහු හුවා දැක් වූවා... 

දෙවියන්ව පිදීමෙන් ලද භක්තිමත් හැඟීමෙන් අපි ආපහු ආවා... ඔබත් යනවනම් පිළිවෙතින් යන්න.. අභියෝගයට ලක් කරන්න හිතාගෙන මෙතනට යන්න එපා කියලා මම ආයාචනය කරනවා... ඉතින් හොඳ අත්දැකීම් විඳගනිමින් ගිහින් දේවාශිර්වාදයත් අරන් එන්න කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොල වෙත යන්න... සියළු දේ සැලසුම් කරගන්න හා අවශ්‍ය තවත් තොරතුරු දැනගන්න කතා කරන්න පහත අංකයට හෝ විද්‍යුත් ලිපිනයට....


දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Sunday, September 25, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න...

කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය

අපි අවසාන ලිපියේ සටහන් කලේ යාල වනෝද්‍යානය ගැන... එය නොකියවපු අය සිටීනම් මෙතනින් ගොස් කියවා එන්න.. අද කථා කරන්න යන්නේ යාල වනය තුල පිහිටලා එන කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය ගැන... සමහරු නම් දන්නවා මෙතන... නමුත් ගොඩාක් දෙනෙක් දන්නේ නෑ... අපි යාල යනකොට ගොඩාක් වෙලාවට කතරගමටත් ගිහින් එනවා.. බෞද්ධයෝ හැටියට කිරි වෙහෙර වැද පුදාගෙන කතරගම මහ දේවාලයත් වැද පුදාගෙන තමයි ආපහු එන්නේ.. ඉතින් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොලත් කතරගම දෙවියන් වහන්සේ හා සම්භන්ධ දෙවොලක්... හරි අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු දැන්...

තම්මිට බෝධිය
ඉතිහසයේ එන ජනප්‍රවාද ආදිය බැලුවොත් කතරගම දෙවියන් එහෙම නැත්නම් ස්කන්ධ කුමාර දෙවියන් ලෙස හඳුන්වන්නේ බුද්ධ වර්ශ වලටත් ප්‍රථම රුහුණෙහි රජකල මහාසේන රජතුමා යැයි සැලකේ... සිය අවසන් කාලයේ භාවනානු යෝගීව සිටීම සඳහා රාජත්වය අතැර පිටව ගියා කියලා තමයි සඳහන් වෙන්නේ... තවත් බොහෝ මේ සම්භන්ධව ජනප්‍රවාද ඇතත් ඒ පිළිබඳ විස්තර ඔබ අතින් කමෙන්ට්ස් ලෙස වැටෙයි කියලා හිතෙනවා.... 

ඉතින් මේ කතරගම දෙවියන්ගේ රාජධානිය ඌ ස්ථානයේ වත්මන් කතරගම මහ දේවාලය පිහිටා තිබෙන බවකියි කියැවෙන්නේ.. දෙවිදුන්ට තම බිරිඳ වල්ලි අම්ම මුණ ගැහුණ ස්ථානය සෙල්ල කතරගම ලෙසිනුත්, ඔවුන් දෙපල වැඩ සිටි කඳු මුඳුන වැඩසිටි කන්ද ලෙසටත් හඳුන්වනවා... වැඩසිටි කන්දේ සිට දුන්නෙන් විද්ද ඊ තලය වැටුන ස්ථනයේ කතරගම මහ දේවාලය ඉදි කලැයි කියාත් පැවසෙනවා.... 

එහකොට මොකක්ද මේ කැබලිත්ත දේවාලය.. මම ඉහළින් සඳහන් කල කතරගම දෙවියන්ගෙ මරණයක් ගැන ඔයාලා කවුරුවත් අහලා නැහැනේ... ඉතින් උන් වහන්සේ තවමත් භාවනා කරමින් වැඩ සිටින බවයි පවසන්නේ.. අන්න ඒ භාවනානුයෝගීව වැඩ සිටින තැන තමයි මේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය... 

පේ වීම..

කොළ අතු එල්ලා ගම්භාර දෙවියන්ට භාර වීම
සියඹලාපේ දේවාලය වඳින්න යන ඔබට හිතුමතේ යෑමට අවසරයක් ලැබෙන්නේ නෑ.. ඔබ ඒ සදහා පේ විය යුතු වෙනවා... අඛණ්ඩව දින හතකට වඩා වැඩි ප්‍රමාණයක් මස් මාළු අතුළු සත්ව ආහාර වලින් තොර විය යුතුයි.. මත්පැන් දුම්වැටි වලින් මිදිය යුතුයි... කිළි යැයි හැඳින්වෙන කටයුතු වලින් ඈත් විය යුතුයි... කිසිවෙක් ඔබ මෙසේ කළාදයි ප්‍රශ්ණ කරන්නේ නැති මුත් අවට ගම්වාසීන් හා තතු දන්න අය පවසන්නේ මෙසේ පිළිවෙතින් තොරව කැබලිත්ත වන්දනාමාන කරන අයට ඒ සඳහා ලඟ වීමට රුදුරු භාදක එල්ල වෙන බවයි...

ගමන් මාර්ගය

මේ සඳහා ගමන් මාර්ග හතරක් තියෙනවා... 

යුධ හමුදාවෙන් සංග්‍රහයක්..
1. යාල පලටුවාව පිවිසුමෙන් ඇතුලු වී යාල කොටස් 1 හා 2 ඔස්සේ සියඹලාපේ දේවාලයට ඇතුළු වීම. මේ මාර්ගය ඉතාම ලස්සනයි, බියකරුයි, ටිකක් වියදම වැඩියි ( අනිවාර්යයෙන්ම ජීප් රථ දෙකක් යොදා ගත යුතුයි. නැතිනම් යාල 2 කොටසට පිවිසීමට වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුව අවසර දෙන්නේ නැහැ..) ගතවන කාලය වැඩියි.

2. ගල්ගේ පිවිසුමෙන් අතුළු වී යාල 3 කොටස හරහා විත්  සියඹලාපේ දේවාලයට ලන්ගා වීම. මෙම මාරගය අළුතින් ආරම්භ කිරීම නිසා ඉතා පහසුවෙන් ලඟා විය හැකියි. දිනක් වගේ කාලයක් තුල ගිහින් එන්න පුලුවන් කියලා තමයි විශ්වාස කරන්නේ...

ගමන ටිකක් දුෂ්කරයි
3. මොනරාගල කොටියාගල අඩ්වියෙන් ඇතුල් වී කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා විය හැකිය. මෙම මාර්ගය ගැන කියද්දිනම් කියන්න තියෙන්නේ මෙම මාර්ගය භාවිතා කරන්න එපා කියලයි.. මෙය නීති විරෝදී මාවතක්.. මේ තුල සිදුවන හිරිහැර වලට වනජීවී දෙපාර්තුවවත් වගකීමට බැදී නැත. 

4. කුමන රක්ශිතයෙන් ඇතුල් වී ඔකඳ දේවාලය හරහා පැමිණ කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා වීම. මෙම මාර්ගය බොහෝ විට යොදාගන්නේ කතරගම පෙරහැර සමයට පාද චාරිකාවේ එන හින්දු බැතිමතුන්... මෙයත් ඉතාම අලංකාර මාවතක්.


කැබැලිත්ත දේවාලයට අපි ලඟා වූ හැටි...

ගමන ටිකක් දුෂ්කරයි
අපි තෝරගත්තේ ගල්ගේ පිවිසුමෙන් ඇතුළු වී සියඹලාපේ දේවාලය වන්දනා කිරීමට යන මාර්ගයයි... කතරගමින්ම 4x4 රථයක නැගුන අපි උදේ 7.45 පමණ වනවිට ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වුනා.. අපිට මග පෙන්නුවේ වන සත්ව නියාමක මදුශාන් මහතා.. රියැදුරු ප්‍රසන්නත් මෙම මාර්ගයෙන් ගමන් ගන්නා ප්‍රථම වතාව වුනා... වනයට ඇතුළු වෙද්දිම වාහනය නැවතූ අප ගසක කොල අත්තක් කඩා ගම්භාර දෙවියන් යැද්දේ මෙම ගමන ආරක්ෂා සහිතව ගිහින් එන්නට අවශ්‍ය ආශිර්වාදය ලබා ගැනීමටයි.... හිතේ තිබුන ගුප්ත ගතිය නිසාමදෝ මෙම ගමන ඉතා භක්තිමත් ලෙස යන්නට අවස්ථාව ලැබුනා.... මුලින්ම අපට හමු වුනේ තම්මිට බෝධීන් වහන්සේ... එතනට මල් පහන් පුදා අපි කැබලිත්ත බලා පිටත් වුනා.. දවල් 11 පමණ වනවිට අපට කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාල භූමියට ලඟා වෙන්නට පුළුවන් වුනා... කැබලිත්ත යුධ හමුදා කඳවුරෙන් අපට ලැබුණ සංග්‍රහය ගැනත් මතක් කල යුතුයි...

ලිපිය දිග වැඩි වෙන නිසාම අපි පූජාව සැකසීම, පූජාව පිදීම වගේම ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන ඊලඟ කොටසින් කථා කරමු.

මේ හා සම්භන්ධ කාරනා සඳහා අපිට කථා කරන්න පහත අංක හා විද්‍යුත් ලිපිනයන්ට...

දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Wednesday, September 21, 2011

යාල යාල එන්න සතුන් බලන්න..... වන සතුන් අතරේ සුන්දර මොහොතක් ගත කරමුද?


ටිකක් ජනප්‍රිය මාතෘකාවක් තෝරගත්තේ, තනිකරම  කථා මාලාවක් ලියන්න හිතාගෙන.... අපේ ශ්‍රී ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් විශාලත්වයෙන් ප්‍රමුඛ තැනක් ලබා සිටින ජාතික වනෝද්‍යානයක් තමයි යාල ජාතික වනෝද්‍යානය කියන්නේ.... මෙම වනෝද්‍යානය ගැන සම්පූර්ණයෙන්ම කථා කරනවා නම් පරිච්ඡේද රාශියකින් යුතු පොතක් ලියන්න වේවි..එහෙම කරලවත් අවසන් කරන්න බැරිවේවි... පළවෙනි කොටසින් අපි සූදානම් වෙමු ‍යාල ගැන පොඩි හැඳින්වීමක් කරන්න... 

‍යාල පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට අයිති වෙනවා... එකක් හම්බන්තොට. අනෙක මොණරාගල. පළාත් වශයෙන්ද බැලුවොත් ද දෙකක්. ඒ දකුණු පළාත හා ඌව පළාත වශයෙන්... ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමයි පාලනය වෙන්නේ.... යාල වනෝද්‍යානය කොටස් පහකින් යුක්ත වෙනවා.. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන දැඩි රක්ශිතයන් තුනෙන් එකක් වෙන යාල දැඩි රක්ෂිතය පිහිටා තිබෙන්නෙත් මෙහි... ඉදිරි ලිපිවලින් අපි මේ කොටස් පහ ගැන වෙන වෙනම කථා කරන්න බලාපොරොත්තු වෙනවා... 

යාල රක්ෂිතයට පිවිසීම සඳහා ඔබට පාරවල් දෙකක් තිබෙනවා... එකක් වන්නේ තිස්ස නගරය හරහා කිරින්දෙන් ගොස් නිමලව හරහා පලටුපානට පැමිණ යාලට ඇතුල් වීමයි... අනෙක කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් යාලට ඇතුල්වීමයි... පලටුපාන පිවිසුමෙන් ඇතුල්වන ඔබට යාල අංක 1 හා 2 කොටස් වල සංචාරය කල හැකි වන අතර ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වෙන ඔබට යාල  අංක 3, 4 හා 5 කොටස්වල සංචාරය කල හැකිය...

යාල වනාන්තරයට පීසීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා... මම ඔබට කියන්නම් ඒ ගැනත් ටිකක්... පළමුවෙන්ම මතක තියා ගන්න ඕන ඔබ මේ පිවිසෙන්නේ වන සතුන්ගේ අඩවියකට... ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි.. අහිංසකයින් මෙන්ම රුදුරු සතුන්ද මෙහි එක වගේ හැසිරෙනවා.. එම නිසා ඔවුන්ට බධාවක් වෙන්නට කිසි සේත්ම ඉඩ තියන්න එපා.. දිවියන් වගේම විශාල ඇත්තු ඔබ අසලටම ඒවි.. නිශ්ෂබ්ධව සිටීම තමයි කලයුතු හොඳම දේ.. ඒ වගේමයි, පොලිතීන්.... හැමතැනටම වගේ මෙතනටත් පොලිතීන් පොදු සතුරෙක්..  ඉතින් අරන් යන හැම පොලිතීන් කැබැල්ලක් වගේම අනෙක් සියල්ලමත් ආපසු අරගෙන එන්න ඔබ අමතක කරන්න එපා... කථාවක් තියෙනවා අහලා තියෙනවනේ නේද "පිය සටහන් පමණක් ඉතිරි කර එන්න" කියලා..  

යාල වනෝද්‍යානය තමයි ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් වැඩිම ආදායමක් උපයන්නේ... ඒ එහි තිබෙන සත්ව සුලභත්වය නිසා.. ඉතාම දුර්ලභ සතුන් මෙහි පහසුවෙන් දකින්නට හැකියි... යාල සංචාරය  කරන්නට නම් 4 x 4 වාහනයක යන එක තමයි වඩාත් සුදුසු... පිවිසුම් දොරටු දෙක ලඟම එවැනි වාහන ඕන තරම් තිබෙනවා.. මතක් කරලා නගින්න කලින් බලන්න එම වාහනය ඇත්තටම 4 x 4 වාහනයක් ද කියලා.. ඔබ සංචාරය කරන්නේ දින දෙකකට හෝ ඊට වැඩි කාලයකටනම් අනිවාර්යයෙන්ම 4 x 4 වාහනයක් ගන්න එක නුවණට හුරුයි... එක් දිනක් හෝ වරුවක කාලයක් සංචාරය කරනවානම් 4 x 4 නැති වුනත් ඒ සඳහා සුදුසු වාහනයක් යොදා ගන්න එක තමයි වඩාත් සුදුසු...

මම හිතන්න්නේ පළවෙනි කොටසට මේ ඇති... යාල වනෝද්‍යානයේ තිබෙන කොටස් හතර, දකින්න පුළුවන් සතුන්, බංගලා කඳවුරු බිම්, එහි වසන සතුන්, කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවාලය වගේ දේවල් ගැන අපි ඉදිරි කොටස් වලින් කථා කරමු...

යාල කැලේ යන්නට අදහස් කරනවාද? වැඩි විස්තර සඳහා පහත අංක හා විද්‍යුත් ලිපින වලට අමතන්න. 



දුරකථන            : +94714449162

                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Sunday, August 7, 2011

කාර්යාලයේ සුහද හමුව පවත්වගන්න කටු කනවද හෝ ගාලා.......


අපි විසින් ලබාදෙන තවත් සේවාවක් ගැන තමයි මම මේ අද කියන්න හදන්නේ... ඔබ විනෝදයට උපරිම කැමති ඇති.. ඒකනේ හෙඩිම දැක්ක ගමන් දුවගෙන ආවේ කියවන්න.. එහෙම නේද? ඉතින් අද කියන්න හදන්නේ ඔබේ විනෝදය සාර්ථකව කරගෙන යන්න අපි විසින් ලබා දෙන තවත් එක් සේවාවක් ගැන. ඔබ යාළුවොත් එක්ක කාර්යාලයේ හිතව්තුන් සමඟ අවුරුද්දකට සැරයක්, එහෙම නැත්නම් මාස තුනකට සැරයක් කාලා බීලා සිංදු කියලා, නටලා විනෝද වෙලා තියෙනවනේ... ඉතින් මේ අවස්ථාව කොහොමද මෙච්චර කල් සංවිධානය කලේ....

මතකද? විනෝද ගමන යන්න තැන් හෙව්වා... ඒ වගේ කෑම රසද? කාමර කොහොමද? වායු සමීකරණ තියෙනවද? ගනන් කොහොමද? ප්‍රශ්න ගොඩයි නේද? ඊට පස්සේ ගමන යන්න බස් හෙව්වා... රියැදුරු කොහොමද? වේගෙන් යනවද? රථය අබලන්ද? දුර යන්න බැරි වෙයිද? තවත් ප්‍රශ්ණ ගොඩායි නේද? ඒ වගේමයි ඔවුන් අතින් වැරැද්දක් උනත් එයාලගේ සැර.. ඊට පස්සේ හොයන්නේ සංගීතය. ඒ කියන්නේ කණ්ඩායම් සංගීතය එහෙම නැත්නම් ඩීජේ, කැලිප්සෝ... මෙයාල හොඳට සිංදු කියයිද? ආතල් එක කයිද? ඔය වගේ ප්‍රශ්න.. සංවිධානය කරන පිරිසට උත්සවය හෝ ගමන ඉවර වෙනකන් නින්ද යන්නේ නෑ.. මෙන්න මේ ගැටළුවලට පිළියමක් අරගෙන තමයි අපි අද ආවේ...

මීට පස්සෙ ඔබට ඒ වගේ දුකක් විදින්න ඕන නෑ.. ඔබේ කාර්යාලයට හෝ මිතුරු සමාගමට අවශ්‍ය උත්සවයක්ද? විනෝද චාරිකාවක්ද? නායකත්ව පුහුණු වැඩමුළුවක්ද? සම්මන්ත්‍රනයක්ද? එහෙමත් නැත්නම් ඩීජේ නයිට් එකක්ද? සුහද හමුවක්ද? මේ ඕනම දෙයක් ඔබේ දොරකඩට ඇවිල්ලා ඉස්තරම්ම අයුරින් ඉටු කර දෙන්නට අපි සූදානම්... ඒ විතරක් නෙවෙයි, ඔබ ඉන්නේ විදේශගතවනම්, ඔබේ විවාහ මංගල උත්සවය සංවිධානය කර ගන්න, ඔබගේ පවුලේ ඥාතීන්ගේ උත්සව පවත්වන්න වගේ ඕනෑම වැදගත් කටයුත්තක් අප ලවා ඉටුකර ගන්න ඔබට පුළුවන්.....

ඔබේ උත්සවයට හෝ වැඩසටහනට අවශ්‍ය අල්පෙනෙත්තේ සිට අප සපයනවා... හෝටල්, බස් රථ, සම්පත් දායකයින් සහ අනෙකුත් සියළු දේවල්.. ඔබට තිබෙන්නේ සහභාගී වන්න විතරයි... සංවිධානය කිරීමේදී ඔබට වැයවන, කාලය, ශ්‍රමය, මුදල් මේ හැම දෙයක්ම ඔබට ඉතිරි කරගනට පුළුවන්...

ඊලඟට ඔබේ හිතේ නැඟෙන ප්‍රශ්නය මට තේරුම් ගන්න පුළුවන්... මිල ගනන්.. මෙය ඔබේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා... ඔබේ අවශ්‍යතාවය සඳහා අපි මිල ගනන් හතරක් ලබා දෙනවා... ඒ සුඛෝපභෝගීත්වය අනුව වර්ග කරලා... ඔබට පුළුවන් අපිත් එක්ක රැදිලා කතා කරලා අවශ්‍ය පැකේජය තෙරුම් ගන්න... අපට ඕනෑ හැටියට නොව ඔබට ඕනෑ හැටියට මේ කටයුතු කර දෙන්නට අපි හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නවා....

මේ යොදා තිබෙන ඡායාරූපත් අපි විසින් සංවිධානය කරපු වැඩසටහන්.. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න... මෙන්න අපේ තොරතුරු.. කථා කරන්න අපට...

දුරකථන            : +94714449162
                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Tuesday, July 26, 2011

මීමුරේ යමුද කඳවුරු ජීවිතයක් ගත කරන්න.... 2




මීමුරේ පිළිබඳව ලියැවුනු පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාර දැක්කම ඉක්මනටම මේ ලිපියත් දමන්න හිතුනා... දෙවෙනි තුන්වෙනි පැකේජයන් ගැන දාන්න කලින් මේ ගැන අහලා එවපු ප්‍රශ්ණ කීපෙකට උත්තර දෙන්න තමයි හඳන්නේ....

ලමයින්ට ගෙවීම් කරන්නේ කුමන පදනමකින්ද යන ප්‍රශ්ණය තමයි ගොඩාක් දෙනෙක් ඇහුවේ... අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට 50% වට්ටමක් ලබාදෙන අපි අවුරුදු 6ට අඩු දරුවන්ට 100%ක වට්ටමක් ලබා දෙනවා... ඊලඟ ප්‍රශ්ණය වුනේ වැසිකිලි ප්‍රශ්ණය.. මේ සඳහා පස් දෙනෙකුට එක බැගින් ජංගම වැසිකිලි අපි සංචාරකයින් වෙත සපයා දෙනවා.... අනිත් ප්‍රශ්නය 12ට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් සහභාගී වෙන්න බැරිද කියන එකයි... පුළුවනි... උපරිම 22ක් දක්වා සංචාරකයන් ප්‍රමානයක් එකවර සහභාගී විය හැකියි. අවසන් ප්‍රශ්ණය උනේ සංචාරකයින් 12ට අඩු කණ්ඩායම් වලට මෙහෙම විනෝද වෙන්න බැරිද කියලයි..... අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරු තමයි මම දැන් දෙන්න හදන්නේ....

පැකේජ අංක 2

මේක ටිකක් මීමුරේට නොගැලපෙන පැකේජ් එකක් කියලා තමයි මට හිතෙන්නේ.... නමුත් පුංචි දරුවන් සිටින වැඩිහිටි අය අභාධිත අය සදහා මේ ක්‍රමය හොඳයි.. ඒ වගේම හෝටල් වල නවතින්න ආස අයටත් මේ විකල්පය හොඳයි... නමුත් ඒ හෝටලයත් ඉතා ලස්සන ආකර්ෂනීය තැනක්.. මේ තියෙන්නේ පිංතූරේ... කුඩා කුටි සහ කුඩා කූඩාරම් වල නවතින්න පුලුවන්.. කෑම ඹීම ඔක්කොම සපයා ගන්නත් පුළුවන්... ආරක්ෂාව ගැනත් කිසිදු ගැටලුවක් නෑ.. ආගන්තුක සත්කාරය ආදී සියළු දේ වලින් අනූන හෝටලයක් එතැන තියෙනවා.... ගානද? එක්කෙනෙකුට රුපියල් 5500.00ක් විතර වියදම් කරන්න හැකිනම් අංග සම්පූර්ණ දවසක් ගෙවන්න පුළුවන් එතැන....




පැකේජ අංක 3.

අපි විසින් සෘජුව ලබාදෙන පැකේජයක් තමා මේක.. ඉතාම දුෂ්කර උනත් විනෝදය පිරුනු ගමනක්.. අපි අපි විසින් කූඩාරම් ගහගෙන සූරිය අරන චිත්‍රපටයේ දිය ඇල්ලේ ගල් පොත්තේ උඩ රත්‍රියක් ගෙවන්න ආස කවුද? ඒක නම් උපරිමයි... බාබකිවු පාරක් දාල උයාගෙන කාල එකමුතුවෙම්න් කරන්න ඕන වැඩ පිලිවෙලක්.... එක්කෙනෙකුට උපරිම 3500.00ක් පමණ වියදම් වෙනවා.. නුවරට යනකම් නගරානතර දුම්‍රියේ ගිහින් එතන ඉදන් ලූල්කඳුරට බස් එකේ ගිහින් තමයි මේ ගමන යන්නේ.... දින තුනක ගමනක් වෙන මෙය ධීර ක්‍රියා ඝනයට අයිති වන පරිදි සැලසුම් කල ගමනක්.... පයින් යන්න වෙනවා කිලෝ මීටර 13ක් පමණ....


ඔන්න විස්තර ටික.. කැමති විදිහකට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට මීමුරේ යන්න එකතු වෙන්න. අපි ඉන්නවා ඔබ වෙනුවෙන් ඒ ආරක්ෂාව වගකීම කරට ගන්න... එහෙමනම් අපට කථා කරන්න පහත තොරතුරු වලට.


දුරකථන            : +94714449162
                            +94715364077
                          +94815658758

විද්‍යුත් තැපැල්   : abeetha0325@gmail.com