මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Showing posts with label සුහද හමු. Show all posts
Showing posts with label සුහද හමු. Show all posts

Wednesday, March 7, 2012

විදේශ ගතද? විවාහය ලංකාවේ කරන්න හිතාගෙන ඉන්නවද?



කැබලිත්ත ලිපි පෙලින් පස්සේ දිඟු නිහැඩියාවකට එළඹෙන්න වුනා තිබ්බ කාර්යබහුලත්වය නිසා.. අදත් අපි කියන්න යන්නේ අපි ලබා දෙන තවත් එක් සුවිශේෂී සේවාවක් ගැන.. ඔයාලා හැමෝම දන්නවනේ පිටරට ඉන්න ශ්‍රී ලංකිකයෝ වෙනුවෙන් අපි සේවාවන් රැසක් හඳුන්වලා දීලා තියෙනවා... උදාහරණයක් වශයෙන් කාර් ලබාදීම, හෝටල් වෙන් කරවා දීම වගේම ඔබගේ නිවාඩුව ඵලදායීව ගත කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීම වගේ සේවාවන්... ඉතින් අද කියන්න යන්නේ විදේශගතව ඉන්න තරුණ ඔබට සහනයක් ලෙස දැනෙන තවත් එක ආරංචියක්.... ඒ තමයි ඔබගේ මංගල උත්සවය අප ලවා ඔබට අවශ්‍ය ඕනම විදිහකට ඔබට අවශ්‍ය තේමාවකට අප ලවා ඉතා පහසු මිලකට සංවිධානය කරගන්න පුළුවන්....  ඒ ගැන වැඩි විස්තර පහත  පරිදි සිද්ධ වෙනවා....




ඔබත් ඔබේ පෙම්වතියත් දෙදෙනම ඉන්නෙ පිටරට නම් ලංකාව තුල විවාහයක් කරන්න සැලසුම් කිරීමේදී ඔබ ගැටළු කිහිපයකට මැදි වෙනවා.... ඒවායින් කිහිපයක් තමයි මේ පහතින් තියෙන්නේ.....


1. නිසි සේවා දායකයින් සම්භන්ධ කරගන්නේ කෙසේද යන ගැටළුව... (මනාලියන් ඇන්දවීම, ඡායාරූප ශිල්පීන්, මල් සැරසිලි, පෝරු කටයුතු හා අනෙක් ආගමික කටයුතු වැනි..)


මේකේදි ගොඩාක් අය පත්වෙන තත්ත්වය තමයි නම පමණක් බලලා සේවා දායකයා සම්භන්ධ කරගැනීම... ඒ වගේමයි ඔබට බලන්න වෙන්නේ නෑ සාම්පල කිසිවක්. ඉතින් විවාහය දවසට මුහුණ ඇඹුල් කරගෙන තමයි ඉන්නේ තමන් බලාපොරොත්තු වෙච්ච දේම එතන නැති නිසා... මේකෙදි අපේ සේවය වැදගත් වෙන්නේ මෙහෙමයි. අපි ලංකාවේ ගොඩාක් මේ කටයුතු කරන අයත් එක්ක සම්භන්ධයි... ඔබ අපිට කථා කරලා කියද්දි අපේ විවාහය වෙන්නේ මෙන්න මේ තේමාව යටතේ කියලා අපි දන්නවා ඔබට මුණ ගැස්සවිය යුතු සේවා  දායකයින් කවුද කියලා... ඉන් අනතුරුව ඔබට ඒ අයත් එක්ක කතා කරලා ඔබට ඉතා නිවැරදි තීරණයක් ලබා ගැනීමට හැකි වෙනවා....


2. ලංකාවත් එක්ක කටයුතු කරන කොට තිබෙන ප්‍රායෝගික අපහසුතාවය...


සමහර විට ඔබට උදව් කරන්නේ ලංකාවේ ඉන්න මිතුරු මිතුරියො හෝ ඔබේ දෙමවුපියෝ, සහෝදරයින් වගේ අය වෙන්න පුළුවන්... නමුත් ඔබේ අවශ්‍යතා වලට ඔවුන් ක්‍රියාකරනකොට ඔවුන්ගේ වැඩ කටයුතු පාඩු නොකරන ගමන් ඔබේ වැඩ කටයුතු කිරීම නිසා සමහර කාලය, හිතවත්කම් පිළිබඳ ගැටලු ගොඩාක් ඔබට ඇතිවෙන්න පුලුවන්... නමුත් අපේ සේවය ලබා ගැනීමේදී ඔබ වෙනුවෙන්ම සම්භන්ධීකාරකවරයෙක් සිටින නිසා ඔබට ඒ ගැටළු ඇති නොවී තමන්ගේ පාඩුවේ ඔබේ විවාහය සංවිධානය කර ගැනීමේ හැකියාව තිබෙනවා...


3. ඔබේ තේමාව තුළ සැම දෙයක්ම කිරීමේ අපහසුතාවය.


සම්ප්‍රදායික තේමාවන් ලෙසට, ඒ කියන්නේ උඩරට, පහතරට හා බටහිර කියන තේමාවන්ට කරන විවාහ මංගල්‍යයන් වගේම නව ආරකට අහස, මුහුද, සුලඟ, වනය වගේ තේමාවන් වලට යන විවාහ මංගල්‍යයන් වලටත් මීට අමතරව යන වෙනත් තේමාවන් එක්ක යන විවාහ මංගල්‍යයන් වලදීත් ගොඩාක් අංගයන් මේ තේමාවලින් පිටට යන එක ඉතා සුලඹ දෙයක්... අපත් එක්ක සම්භන්ධ වන ඔබට ඉතා පුංචිම දේ සිට හැම දෙයක්ම ඔබේ තේමාවට අදාලවම කරගැනීමට අවශ්‍ය උපදෙස් හා සහාය අපෙන් ලැබෙනවා....


4. ඔබට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය ඉක්මවා වියදම් වීම..


ඔබ එතෙර සිට සම්භන්ධ කරගන්න සේවා දායකයින් වෙනත් වෙනත් කාරණා කියමින් තව තවත් සේවා ගාස්තු එකතු කිරීම තුළින් ඔබ බලාපොරොත්තු වූවාට වඩා ලොකු වියදමක් දැරීමට සිද්ධ වීම... අප සමන්ග එකතු වන ඔබට තිබෙන්නේ මුළින්ම අපට ඔබ වියදම් කිරීමට බලාපොරොත්තු වන මුදල් ප්‍රමාණය ගැන අදහසක් මෙන්ම ඔබේ හිතේ තිබෙන මංගල උත්සවය අපට පැවසීම පමණයි.. වෙනස ඔබ අත් විඳීවි...


5. හෝටල් පිළිබඳ ගැටළු


විවාහ උත්සවය මෙන්ම නැවත නිවසට පැමිනීමේ උත්සවය පැවැත්වෙන හෝටල් පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති නිසා තමන් ගෙවන මුදලට වටිනාකමක් ඇති  හෝටල් සේවා ලබා ගැනීමට නොහැකි වීම ගොඩාක් දෙනෙක් මුහුණ දෙන ප්‍රශ්ණයක්.. මෙහිදීත් අපි ඉතා හොඳින් එම මෙනුපත් සහ වෙනත් සේවාවන් ගැන ඔබ දැනුවත් කරන නිසා වගේම එම හෝටල් පිළිබඳ මූලික අදහසක් දෙන නිසා ඔබට ඒ පිළිබඳ තීරනය කිරීම ඉතා පහසුයි...  ඒ විතරක් නෙමෙයි ඔබේ මධු සමයට යන හෝටල් සම්භන්ධයෙන්ද ඔබ සැලකිලිමත් විය යුතුයි.. හොඳ නමක් ඇති හෝටලයකට ගොස් මධු සමය ගත කරලා හෝටල් අත් දැකීමක් එකතු කරගන්නවාට වඩා ලංකාව තුල ඇති මධු සමය ගත කරන යුවලවල් සඳහාම සැකසූ හෝටල් වලට ගොස් ඉතා සුංදර මධු සමයක් ගත කරන්නටත් ඔබට හැකි වේවි....


මේ වගේ තවත් ගොඩාක් දේ ගැන මේ මාතෘකාවේදි අපට කතා කරන්න පුළුවන්. ඉහත කථා කලේ ප්‍රධාන ගැටලු කිහිපයක් ගැන විතරයි... පහත තියෙන සංනිවේදන මාධ්‍යයන් තුලින් ඔබට අපිව සම්භන්ධ කර ගැනීමට හැකිවේවි...


දුරකථන            : +94714449162

                            +94112847690


විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com




Sunday, August 7, 2011

කාර්යාලයේ සුහද හමුව පවත්වගන්න කටු කනවද හෝ ගාලා.......


අපි විසින් ලබාදෙන තවත් සේවාවක් ගැන තමයි මම මේ අද කියන්න හදන්නේ... ඔබ විනෝදයට උපරිම කැමති ඇති.. ඒකනේ හෙඩිම දැක්ක ගමන් දුවගෙන ආවේ කියවන්න.. එහෙම නේද? ඉතින් අද කියන්න හදන්නේ ඔබේ විනෝදය සාර්ථකව කරගෙන යන්න අපි විසින් ලබා දෙන තවත් එක් සේවාවක් ගැන. ඔබ යාළුවොත් එක්ක කාර්යාලයේ හිතව්තුන් සමඟ අවුරුද්දකට සැරයක්, එහෙම නැත්නම් මාස තුනකට සැරයක් කාලා බීලා සිංදු කියලා, නටලා විනෝද වෙලා තියෙනවනේ... ඉතින් මේ අවස්ථාව කොහොමද මෙච්චර කල් සංවිධානය කලේ....

මතකද? විනෝද ගමන යන්න තැන් හෙව්වා... ඒ වගේ කෑම රසද? කාමර කොහොමද? වායු සමීකරණ තියෙනවද? ගනන් කොහොමද? ප්‍රශ්න ගොඩයි නේද? ඊට පස්සේ ගමන යන්න බස් හෙව්වා... රියැදුරු කොහොමද? වේගෙන් යනවද? රථය අබලන්ද? දුර යන්න බැරි වෙයිද? තවත් ප්‍රශ්ණ ගොඩායි නේද? ඒ වගේමයි ඔවුන් අතින් වැරැද්දක් උනත් එයාලගේ සැර.. ඊට පස්සේ හොයන්නේ සංගීතය. ඒ කියන්නේ කණ්ඩායම් සංගීතය එහෙම නැත්නම් ඩීජේ, කැලිප්සෝ... මෙයාල හොඳට සිංදු කියයිද? ආතල් එක කයිද? ඔය වගේ ප්‍රශ්න.. සංවිධානය කරන පිරිසට උත්සවය හෝ ගමන ඉවර වෙනකන් නින්ද යන්නේ නෑ.. මෙන්න මේ ගැටළුවලට පිළියමක් අරගෙන තමයි අපි අද ආවේ...

මීට පස්සෙ ඔබට ඒ වගේ දුකක් විදින්න ඕන නෑ.. ඔබේ කාර්යාලයට හෝ මිතුරු සමාගමට අවශ්‍ය උත්සවයක්ද? විනෝද චාරිකාවක්ද? නායකත්ව පුහුණු වැඩමුළුවක්ද? සම්මන්ත්‍රනයක්ද? එහෙමත් නැත්නම් ඩීජේ නයිට් එකක්ද? සුහද හමුවක්ද? මේ ඕනම දෙයක් ඔබේ දොරකඩට ඇවිල්ලා ඉස්තරම්ම අයුරින් ඉටු කර දෙන්නට අපි සූදානම්... ඒ විතරක් නෙවෙයි, ඔබ ඉන්නේ විදේශගතවනම්, ඔබේ විවාහ මංගල උත්සවය සංවිධානය කර ගන්න, ඔබගේ පවුලේ ඥාතීන්ගේ උත්සව පවත්වන්න වගේ ඕනෑම වැදගත් කටයුත්තක් අප ලවා ඉටුකර ගන්න ඔබට පුළුවන්.....

ඔබේ උත්සවයට හෝ වැඩසටහනට අවශ්‍ය අල්පෙනෙත්තේ සිට අප සපයනවා... හෝටල්, බස් රථ, සම්පත් දායකයින් සහ අනෙකුත් සියළු දේවල්.. ඔබට තිබෙන්නේ සහභාගී වන්න විතරයි... සංවිධානය කිරීමේදී ඔබට වැයවන, කාලය, ශ්‍රමය, මුදල් මේ හැම දෙයක්ම ඔබට ඉතිරි කරගනට පුළුවන්...

ඊලඟට ඔබේ හිතේ නැඟෙන ප්‍රශ්නය මට තේරුම් ගන්න පුළුවන්... මිල ගනන්.. මෙය ඔබේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා... ඔබේ අවශ්‍යතාවය සඳහා අපි මිල ගනන් හතරක් ලබා දෙනවා... ඒ සුඛෝපභෝගීත්වය අනුව වර්ග කරලා... ඔබට පුළුවන් අපිත් එක්ක රැදිලා කතා කරලා අවශ්‍ය පැකේජය තෙරුම් ගන්න... අපට ඕනෑ හැටියට නොව ඔබට ඕනෑ හැටියට මේ කටයුතු කර දෙන්නට අපි හැම වෙලාවෙම සූදානම් වෙලා ඉන්නවා....

මේ යොදා තිබෙන ඡායාරූපත් අපි විසින් සංවිධානය කරපු වැඩසටහන්.. ඉතින් ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න... මෙන්න අපේ තොරතුරු.. කථා කරන්න අපට...

දුරකථන            : +94714449162
                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com