මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Showing posts with label රක්ෂිත වනාන්තර. Show all posts
Showing posts with label රක්ෂිත වනාන්තර. Show all posts

Tuesday, October 4, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න... 2


යාල ජාතික වනෝද්‍යානය ගැන ලියැවෙන කථා මාලාවේ තුන්වැන්න තමයි මේ.. දෙවෙනි ලිපියෙන් අපි කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන ගමන ගැන... එම ගමනේ දෙවෙනි පියවර ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ... ගියවර ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන මාර්ගය, පේවීම ගැන... අද පූජාව සැකසීම, පූජාව පිදීම හා ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන කතා කරමු... එහෙමනම් කෙලින්ම කථාවට යමු...

පූජාව සැකසීම

අපි මුලින්ම කථා කරමු පූජාව සැකසීම ගැන.... ශ්‍රී ලංකාව පුරා තිබෙන පූජනීය ස්ථානවල පූජාව හදන ක්‍රමයට වඩා ගොඩාක් වෙනස් මෙහි පූජාව.. අපේ සිත්වල භක්තිය උපරිම කරමින් පූජාව සැකසෙන ක්‍රමයක් තමයි තියෙන්නේ.... මේ පිළිබඳව හසල දැනුමක් තියෙන වන සත්ව නියාමක මධුශාන් මහත්තයා තමයි අපව මේ පිළිබඳව දැනුවත් කලේ...  මුළින්ම අපි කලේ කුඹුක්කන් ඔය අයිනට ගොසින් වලවල් හතක් හාරපු එක... හැම වලක්ම අතින් හෑරීම වැදගත්... ඉන් පසු කොල අතු ගෙනත් ඉහලින් කොල රොඩු නොවැටෙන්න ඒවා වහපු එක... එහෙම කරන්න හේහුව වෙන්නේ පූජාව සඳහා පිරිසිදුම ජලය ලබා ගන්න එක.. ඉන් පසුව අපි කුඹුක්කන් ඔයෙන් නා පිරිසින්දු වුනා.. ඊලඟට පෑඅ කාරිය උනේ දේව පූජාව සකසන එක... ගොඩාක් අය දන්නවා ඇති කතරගම දෙවියන් සඳහා පිළියෙල කරන පැණි බත... එහෙම නැත්නම් අපි හඳුන්වන්නේ මුරුතැන් බත කියන එක... එය සැකසීම තමයි අපි දැන් කරන්න යන්නේ.... ලිප් ගල් තුනක් එකට තබා ඊට උඩින් උඩු වියන් බැඳ තමයි මේ කටයුත්ත කරන්නේ.. අපේ කෙළ පොදක්වත් මේ අහාර වලට මිශ්‍ර වීම වැලැක්වීම සඳහා මුඛ්හවාඩම් බැදීමක්ද කෙරෙනවා... සීනි, හකුරු, මුන්, මුද්දරප්පලම් එකතු වුන ඉතා ප්‍රණීත රසැති බතක් තමයි මේ පැණි බත කියන්නේ... මේ ආකරයට පිළියෙල කර ගත්ත පැණි බත අපි පිරිසිදුව පාත්තර වලට බෙදා වසා සකසා ගන්නවා... 

ඉන් අනතුරුව තමයි අපි පූජා වට්ටිය සකසන්නේ.... පළතුරු 9ක් හෝ 12ක් ලෙස තමයි මේ වට්ටිය සැකසෙන්නේ.. එයත් මුඛවාඩම් දමාගෙන තමයි අපි සැකසුවේ.. මේ පිංතූර වලින් ඔබ දකින්නේ එයයි... වට්ටිය මත පිළිවෙලට බුළත් කොළ ඇතිරා ඒ මත කහ වතුරින් සෝදාගත් පළතුරු තැබීමත්, ඒ මත හඳුන්කූරු, කපුරු ආදිය මෙන්ම පඬුරුද තැබීමයි කරන්නේ... අපි දැන් පූජාව පිදීම ගැන කථා කරමු...

පූජාව පිදීම

පූජාව සැකසීම අවසන් වුනාට පස්සේ අපි නැවතත් කුඹුක්කන් ඔයෙන් නා ගෙන පිරිසිදු වී සුදු ඇදුමින් සැරසුනා... පිරිමි අයට මේ සඳහා සුදුසු සුදු පැහැ සරමක්... කාන්තාවන් වැඩිය මෙහි ගමන් නොකරතත් (පුරාණයේ නම් මේ බිමට කාන්තාවෝ එන්නෙම නෑ කියලයි කිව්වේ) එනවානම් සුදුසු සුදු පැහැ ඇඳුම්ව් ඇඳීම තමා ගොඩාක් සුදුසු... පිරිමි අයගේ උඩුකයට ඇඳුමක් නැති වුනත් ගැටළුවක් නෑ.... (යාපනය නල්ලූර් කෝවිලට ගිය අයට මේ අත්දැකීම ඇති....) පූජාව සැකසූ ස්ථානයේ සිට මීටර 100ක් වගේ ඈතින් තමයි මේ ඓතිහාසික සියඹලාපේ දේවාලය පිහිටලා තියෙන්නේ... ඉතින් අපි මේ පුද පූජාවන් අරගෙන දේවාලය බලා පිටත් වුනා.. දේවාලයට යෑමට ප්‍රථම සියඹලාපේ ඓතිහාසික බෝධීන් වහන්සේ හම්බෙනවා.... බෞද්ධයින් වශයෙන් අපි එතනට ගොසින් මල් පූජා කර, පහන් හඳුන්කූරු පත්තු කර තෙරුවන් සිහිකරගෙන දේවාලය බලා පිටත් වුනා....

මේ දේවාල භූමිය හරිම අමුතුයි, පය තැබූ සැනින් එන්නේ හරිම නිවිච්ච, ගුප්ත, භක්තිමත් හැඟීමක්.... මෙහි අඳුරු කුටි නැහැ... ආරූඪ වෙන කපු මහත්තුරු නැහැ... නොතේරෙන යාතිකා නැහැ.... පඬුරු පෙට්ටි නැහැ.... එතරම්ම නිස්කලංක දෙවියන් වැඩ සිටිය හැකියැයි අපටම හැගෙන තරමටම සුවදායීඑ භූමියක්... එම දේවාල භූමිය පිරිසිදු කිරීමෙන් අනතුරුව අපි අපේ පුජ්ජවන් තබා පේ ප්‍රාර්ථනා ඉටුකරගැනීමට දෙවියන් සහය යැද්දා.... එහි වැඩ කටයුතු අවසනයේ පසු පසට ගමන් ගත් අපි දේවාලය පෙනෙන නොපෙනෙන මානයේදී හැරිලා නැවත සියඹලාපේ බෝධීන් වහන්සේ වැඳ පුදා එම පූජා භූමියෙන් ඉවතට ආවා.... ඔබට දැන් ගටලුව්ක් ආවා නේද ඇයි අප පසු පසට ගමන් ගත්තේ කියලා.... හිතෙ තිබෙන භක්තිය නිසාත් හා එය චිරාත් කාලයක් පැවතගෙන එන චාරිත්‍රයක් නිසාත් තමයි අපි එහෙම පසු පසට ඇවිදගෙන ආවේ.... 

අපි දැන් පූජාව සැකසීම සහ පිදීම ගැන කිව්වා.... දැන් අපි කියන්නේ මේ දේවාලය හා බැඳුන අපූරු සිදුව්වෙම් දෙක තුනක්... දේවාලය සලම තිබෙන හමුදා සොයුරන් කියපු දේවල් තමයි අපි මේ කියන්න යන්නේ..... අපි විශ්මයට පත් උන සිද්ද වුන පුවත තමයි එක් වන අලියෙක්ගේ ක්‍රියා කලාපය... යුධ හමුදා සොයුරන් ඔහුව හදුන්වන්නේ දේවාලේ අලියා කියලා.. මේ දේවාලේ අලියාගේ ක්‍රියා කලාපය මොකක්ද දන්නවද? සතියකට වරක් හෝ දෙවරක් පැමිණ දේවාල භූමියේ තිබෙන සියළුම අනවශ්‍ය ඉදිකිරීම් කඩා බිඳ දමන එක... එසේ කඩා බිඳ දමා දේවාල භූමිය පෙර තිබූ පරිදිම සකසා තැබීම තමයි මේ රාජකාරිය.. වන සත්ව නියාමක මදුශාන්ගේ අත් දකීම් වලට අනුව පේ නොවී එන අයට බලාපොරොත්තු නොවන කරදර වලට මුහුණ පාන්න සිදුවන බවක් කීවා... කුඹුක්කන් ඔය හා අනෙක් ආරු හදිසියේ පිටාර ගලන්නට පටන් ගැනීම, වනයේ අතරමං වීම වැනි කාරණා ඔහු හුවා දැක් වූවා... 

දෙවියන්ව පිදීමෙන් ලද භක්තිමත් හැඟීමෙන් අපි ආපහු ආවා... ඔබත් යනවනම් පිළිවෙතින් යන්න.. අභියෝගයට ලක් කරන්න හිතාගෙන මෙතනට යන්න එපා කියලා මම ආයාචනය කරනවා... ඉතින් හොඳ අත්දැකීම් විඳගනිමින් ගිහින් දේවාශිර්වාදයත් අරන් එන්න කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොල වෙත යන්න... සියළු දේ සැලසුම් කරගන්න හා අවශ්‍ය තවත් තොරතුරු දැනගන්න කතා කරන්න පහත අංකයට හෝ විද්‍යුත් ලිපිනයට....


දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Sunday, September 25, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න...

කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය

අපි අවසාන ලිපියේ සටහන් කලේ යාල වනෝද්‍යානය ගැන... එය නොකියවපු අය සිටීනම් මෙතනින් ගොස් කියවා එන්න.. අද කථා කරන්න යන්නේ යාල වනය තුල පිහිටලා එන කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය ගැන... සමහරු නම් දන්නවා මෙතන... නමුත් ගොඩාක් දෙනෙක් දන්නේ නෑ... අපි යාල යනකොට ගොඩාක් වෙලාවට කතරගමටත් ගිහින් එනවා.. බෞද්ධයෝ හැටියට කිරි වෙහෙර වැද පුදාගෙන කතරගම මහ දේවාලයත් වැද පුදාගෙන තමයි ආපහු එන්නේ.. ඉතින් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොලත් කතරගම දෙවියන් වහන්සේ හා සම්භන්ධ දෙවොලක්... හරි අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු දැන්...

තම්මිට බෝධිය
ඉතිහසයේ එන ජනප්‍රවාද ආදිය බැලුවොත් කතරගම දෙවියන් එහෙම නැත්නම් ස්කන්ධ කුමාර දෙවියන් ලෙස හඳුන්වන්නේ බුද්ධ වර්ශ වලටත් ප්‍රථම රුහුණෙහි රජකල මහාසේන රජතුමා යැයි සැලකේ... සිය අවසන් කාලයේ භාවනානු යෝගීව සිටීම සඳහා රාජත්වය අතැර පිටව ගියා කියලා තමයි සඳහන් වෙන්නේ... තවත් බොහෝ මේ සම්භන්ධව ජනප්‍රවාද ඇතත් ඒ පිළිබඳ විස්තර ඔබ අතින් කමෙන්ට්ස් ලෙස වැටෙයි කියලා හිතෙනවා.... 

ඉතින් මේ කතරගම දෙවියන්ගේ රාජධානිය ඌ ස්ථානයේ වත්මන් කතරගම මහ දේවාලය පිහිටා තිබෙන බවකියි කියැවෙන්නේ.. දෙවිදුන්ට තම බිරිඳ වල්ලි අම්ම මුණ ගැහුණ ස්ථානය සෙල්ල කතරගම ලෙසිනුත්, ඔවුන් දෙපල වැඩ සිටි කඳු මුඳුන වැඩසිටි කන්ද ලෙසටත් හඳුන්වනවා... වැඩසිටි කන්දේ සිට දුන්නෙන් විද්ද ඊ තලය වැටුන ස්ථනයේ කතරගම මහ දේවාලය ඉදි කලැයි කියාත් පැවසෙනවා.... 

එහකොට මොකක්ද මේ කැබලිත්ත දේවාලය.. මම ඉහළින් සඳහන් කල කතරගම දෙවියන්ගෙ මරණයක් ගැන ඔයාලා කවුරුවත් අහලා නැහැනේ... ඉතින් උන් වහන්සේ තවමත් භාවනා කරමින් වැඩ සිටින බවයි පවසන්නේ.. අන්න ඒ භාවනානුයෝගීව වැඩ සිටින තැන තමයි මේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය... 

පේ වීම..

කොළ අතු එල්ලා ගම්භාර දෙවියන්ට භාර වීම
සියඹලාපේ දේවාලය වඳින්න යන ඔබට හිතුමතේ යෑමට අවසරයක් ලැබෙන්නේ නෑ.. ඔබ ඒ සදහා පේ විය යුතු වෙනවා... අඛණ්ඩව දින හතකට වඩා වැඩි ප්‍රමාණයක් මස් මාළු අතුළු සත්ව ආහාර වලින් තොර විය යුතුයි.. මත්පැන් දුම්වැටි වලින් මිදිය යුතුයි... කිළි යැයි හැඳින්වෙන කටයුතු වලින් ඈත් විය යුතුයි... කිසිවෙක් ඔබ මෙසේ කළාදයි ප්‍රශ්ණ කරන්නේ නැති මුත් අවට ගම්වාසීන් හා තතු දන්න අය පවසන්නේ මෙසේ පිළිවෙතින් තොරව කැබලිත්ත වන්දනාමාන කරන අයට ඒ සඳහා ලඟ වීමට රුදුරු භාදක එල්ල වෙන බවයි...

ගමන් මාර්ගය

මේ සඳහා ගමන් මාර්ග හතරක් තියෙනවා... 

යුධ හමුදාවෙන් සංග්‍රහයක්..
1. යාල පලටුවාව පිවිසුමෙන් ඇතුලු වී යාල කොටස් 1 හා 2 ඔස්සේ සියඹලාපේ දේවාලයට ඇතුළු වීම. මේ මාර්ගය ඉතාම ලස්සනයි, බියකරුයි, ටිකක් වියදම වැඩියි ( අනිවාර්යයෙන්ම ජීප් රථ දෙකක් යොදා ගත යුතුයි. නැතිනම් යාල 2 කොටසට පිවිසීමට වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුව අවසර දෙන්නේ නැහැ..) ගතවන කාලය වැඩියි.

2. ගල්ගේ පිවිසුමෙන් අතුළු වී යාල 3 කොටස හරහා විත්  සියඹලාපේ දේවාලයට ලන්ගා වීම. මෙම මාරගය අළුතින් ආරම්භ කිරීම නිසා ඉතා පහසුවෙන් ලඟා විය හැකියි. දිනක් වගේ කාලයක් තුල ගිහින් එන්න පුලුවන් කියලා තමයි විශ්වාස කරන්නේ...

ගමන ටිකක් දුෂ්කරයි
3. මොනරාගල කොටියාගල අඩ්වියෙන් ඇතුල් වී කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා විය හැකිය. මෙම මාර්ගය ගැන කියද්දිනම් කියන්න තියෙන්නේ මෙම මාර්ගය භාවිතා කරන්න එපා කියලයි.. මෙය නීති විරෝදී මාවතක්.. මේ තුල සිදුවන හිරිහැර වලට වනජීවී දෙපාර්තුවවත් වගකීමට බැදී නැත. 

4. කුමන රක්ශිතයෙන් ඇතුල් වී ඔකඳ දේවාලය හරහා පැමිණ කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා වීම. මෙම මාර්ගය බොහෝ විට යොදාගන්නේ කතරගම පෙරහැර සමයට පාද චාරිකාවේ එන හින්දු බැතිමතුන්... මෙයත් ඉතාම අලංකාර මාවතක්.


කැබැලිත්ත දේවාලයට අපි ලඟා වූ හැටි...

ගමන ටිකක් දුෂ්කරයි
අපි තෝරගත්තේ ගල්ගේ පිවිසුමෙන් ඇතුළු වී සියඹලාපේ දේවාලය වන්දනා කිරීමට යන මාර්ගයයි... කතරගමින්ම 4x4 රථයක නැගුන අපි උදේ 7.45 පමණ වනවිට ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වුනා.. අපිට මග පෙන්නුවේ වන සත්ව නියාමක මදුශාන් මහතා.. රියැදුරු ප්‍රසන්නත් මෙම මාර්ගයෙන් ගමන් ගන්නා ප්‍රථම වතාව වුනා... වනයට ඇතුළු වෙද්දිම වාහනය නැවතූ අප ගසක කොල අත්තක් කඩා ගම්භාර දෙවියන් යැද්දේ මෙම ගමන ආරක්ෂා සහිතව ගිහින් එන්නට අවශ්‍ය ආශිර්වාදය ලබා ගැනීමටයි.... හිතේ තිබුන ගුප්ත ගතිය නිසාමදෝ මෙම ගමන ඉතා භක්තිමත් ලෙස යන්නට අවස්ථාව ලැබුනා.... මුලින්ම අපට හමු වුනේ තම්මිට බෝධීන් වහන්සේ... එතනට මල් පහන් පුදා අපි කැබලිත්ත බලා පිටත් වුනා.. දවල් 11 පමණ වනවිට අපට කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාල භූමියට ලඟා වෙන්නට පුළුවන් වුනා... කැබලිත්ත යුධ හමුදා කඳවුරෙන් අපට ලැබුණ සංග්‍රහය ගැනත් මතක් කල යුතුයි...

ලිපිය දිග වැඩි වෙන නිසාම අපි පූජාව සැකසීම, පූජාව පිදීම වගේම ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන ඊලඟ කොටසින් කථා කරමු.

මේ හා සම්භන්ධ කාරනා සඳහා අපිට කථා කරන්න පහත අංක හා විද්‍යුත් ලිපිනයන්ට...

දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Wednesday, September 21, 2011

යාල යාල එන්න සතුන් බලන්න..... වන සතුන් අතරේ සුන්දර මොහොතක් ගත කරමුද?


ටිකක් ජනප්‍රිය මාතෘකාවක් තෝරගත්තේ, තනිකරම  කථා මාලාවක් ලියන්න හිතාගෙන.... අපේ ශ්‍රී ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් විශාලත්වයෙන් ප්‍රමුඛ තැනක් ලබා සිටින ජාතික වනෝද්‍යානයක් තමයි යාල ජාතික වනෝද්‍යානය කියන්නේ.... මෙම වනෝද්‍යානය ගැන සම්පූර්ණයෙන්ම කථා කරනවා නම් පරිච්ඡේද රාශියකින් යුතු පොතක් ලියන්න වේවි..එහෙම කරලවත් අවසන් කරන්න බැරිවේවි... පළවෙනි කොටසින් අපි සූදානම් වෙමු ‍යාල ගැන පොඩි හැඳින්වීමක් කරන්න... 

‍යාල පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට අයිති වෙනවා... එකක් හම්බන්තොට. අනෙක මොණරාගල. පළාත් වශයෙන්ද බැලුවොත් ද දෙකක්. ඒ දකුණු පළාත හා ඌව පළාත වශයෙන්... ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමයි පාලනය වෙන්නේ.... යාල වනෝද්‍යානය කොටස් පහකින් යුක්ත වෙනවා.. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන දැඩි රක්ශිතයන් තුනෙන් එකක් වෙන යාල දැඩි රක්ෂිතය පිහිටා තිබෙන්නෙත් මෙහි... ඉදිරි ලිපිවලින් අපි මේ කොටස් පහ ගැන වෙන වෙනම කථා කරන්න බලාපොරොත්තු වෙනවා... 

යාල රක්ෂිතයට පිවිසීම සඳහා ඔබට පාරවල් දෙකක් තිබෙනවා... එකක් වන්නේ තිස්ස නගරය හරහා කිරින්දෙන් ගොස් නිමලව හරහා පලටුපානට පැමිණ යාලට ඇතුල් වීමයි... අනෙක කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් යාලට ඇතුල්වීමයි... පලටුපාන පිවිසුමෙන් ඇතුල්වන ඔබට යාල අංක 1 හා 2 කොටස් වල සංචාරය කල හැකි වන අතර ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වෙන ඔබට යාල  අංක 3, 4 හා 5 කොටස්වල සංචාරය කල හැකිය...

යාල වනාන්තරයට පීසීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා... මම ඔබට කියන්නම් ඒ ගැනත් ටිකක්... පළමුවෙන්ම මතක තියා ගන්න ඕන ඔබ මේ පිවිසෙන්නේ වන සතුන්ගේ අඩවියකට... ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි.. අහිංසකයින් මෙන්ම රුදුරු සතුන්ද මෙහි එක වගේ හැසිරෙනවා.. එම නිසා ඔවුන්ට බධාවක් වෙන්නට කිසි සේත්ම ඉඩ තියන්න එපා.. දිවියන් වගේම විශාල ඇත්තු ඔබ අසලටම ඒවි.. නිශ්ෂබ්ධව සිටීම තමයි කලයුතු හොඳම දේ.. ඒ වගේමයි, පොලිතීන්.... හැමතැනටම වගේ මෙතනටත් පොලිතීන් පොදු සතුරෙක්..  ඉතින් අරන් යන හැම පොලිතීන් කැබැල්ලක් වගේම අනෙක් සියල්ලමත් ආපසු අරගෙන එන්න ඔබ අමතක කරන්න එපා... කථාවක් තියෙනවා අහලා තියෙනවනේ නේද "පිය සටහන් පමණක් ඉතිරි කර එන්න" කියලා..  

යාල වනෝද්‍යානය තමයි ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් වැඩිම ආදායමක් උපයන්නේ... ඒ එහි තිබෙන සත්ව සුලභත්වය නිසා.. ඉතාම දුර්ලභ සතුන් මෙහි පහසුවෙන් දකින්නට හැකියි... යාල සංචාරය  කරන්නට නම් 4 x 4 වාහනයක යන එක තමයි වඩාත් සුදුසු... පිවිසුම් දොරටු දෙක ලඟම එවැනි වාහන ඕන තරම් තිබෙනවා.. මතක් කරලා නගින්න කලින් බලන්න එම වාහනය ඇත්තටම 4 x 4 වාහනයක් ද කියලා.. ඔබ සංචාරය කරන්නේ දින දෙකකට හෝ ඊට වැඩි කාලයකටනම් අනිවාර්යයෙන්ම 4 x 4 වාහනයක් ගන්න එක නුවණට හුරුයි... එක් දිනක් හෝ වරුවක කාලයක් සංචාරය කරනවානම් 4 x 4 නැති වුනත් ඒ සඳහා සුදුසු වාහනයක් යොදා ගන්න එක තමයි වඩාත් සුදුසු...

මම හිතන්න්නේ පළවෙනි කොටසට මේ ඇති... යාල වනෝද්‍යානයේ තිබෙන කොටස් හතර, දකින්න පුළුවන් සතුන්, බංගලා කඳවුරු බිම්, එහි වසන සතුන්, කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවාලය වගේ දේවල් ගැන අපි ඉදිරි කොටස් වලින් කථා කරමු...

යාල කැලේ යන්නට අදහස් කරනවාද? වැඩි විස්තර සඳහා පහත අංක හා විද්‍යුත් ලිපින වලට අමතන්න. 



දුරකථන            : +94714449162

                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Tuesday, July 26, 2011

මීමුරේ යමුද කඳවුරු ජීවිතයක් ගත කරන්න.... 2




මීමුරේ පිළිබඳව ලියැවුනු පළවෙනි ලිපියට තිබ්බ ප්‍රතිචාර දැක්කම ඉක්මනටම මේ ලිපියත් දමන්න හිතුනා... දෙවෙනි තුන්වෙනි පැකේජයන් ගැන දාන්න කලින් මේ ගැන අහලා එවපු ප්‍රශ්ණ කීපෙකට උත්තර දෙන්න තමයි හඳන්නේ....

ලමයින්ට ගෙවීම් කරන්නේ කුමන පදනමකින්ද යන ප්‍රශ්ණය තමයි ගොඩාක් දෙනෙක් ඇහුවේ... අවුරුදු 6 සිට 12 දක්වා දරුවන්ට 50% වට්ටමක් ලබාදෙන අපි අවුරුදු 6ට අඩු දරුවන්ට 100%ක වට්ටමක් ලබා දෙනවා... ඊලඟ ප්‍රශ්ණය වුනේ වැසිකිලි ප්‍රශ්ණය.. මේ සඳහා පස් දෙනෙකුට එක බැගින් ජංගම වැසිකිලි අපි සංචාරකයින් වෙත සපයා දෙනවා.... අනිත් ප්‍රශ්නය 12ට වැඩි සංචාරකයන් ප්‍රමාණයක් සහභාගී වෙන්න බැරිද කියන එකයි... පුළුවනි... උපරිම 22ක් දක්වා සංචාරකයන් ප්‍රමානයක් එකවර සහභාගී විය හැකියි. අවසන් ප්‍රශ්ණය උනේ සංචාරකයින් 12ට අඩු කණ්ඩායම් වලට මෙහෙම විනෝද වෙන්න බැරිද කියලයි..... අන්න ඒ ප්‍රශ්නෙට පිළිතුරු තමයි මම දැන් දෙන්න හදන්නේ....

පැකේජ අංක 2

මේක ටිකක් මීමුරේට නොගැලපෙන පැකේජ් එකක් කියලා තමයි මට හිතෙන්නේ.... නමුත් පුංචි දරුවන් සිටින වැඩිහිටි අය අභාධිත අය සදහා මේ ක්‍රමය හොඳයි.. ඒ වගේම හෝටල් වල නවතින්න ආස අයටත් මේ විකල්පය හොඳයි... නමුත් ඒ හෝටලයත් ඉතා ලස්සන ආකර්ෂනීය තැනක්.. මේ තියෙන්නේ පිංතූරේ... කුඩා කුටි සහ කුඩා කූඩාරම් වල නවතින්න පුලුවන්.. කෑම ඹීම ඔක්කොම සපයා ගන්නත් පුළුවන්... ආරක්ෂාව ගැනත් කිසිදු ගැටලුවක් නෑ.. ආගන්තුක සත්කාරය ආදී සියළු දේ වලින් අනූන හෝටලයක් එතැන තියෙනවා.... ගානද? එක්කෙනෙකුට රුපියල් 5500.00ක් විතර වියදම් කරන්න හැකිනම් අංග සම්පූර්ණ දවසක් ගෙවන්න පුළුවන් එතැන....




පැකේජ අංක 3.

අපි විසින් සෘජුව ලබාදෙන පැකේජයක් තමා මේක.. ඉතාම දුෂ්කර උනත් විනෝදය පිරුනු ගමනක්.. අපි අපි විසින් කූඩාරම් ගහගෙන සූරිය අරන චිත්‍රපටයේ දිය ඇල්ලේ ගල් පොත්තේ උඩ රත්‍රියක් ගෙවන්න ආස කවුද? ඒක නම් උපරිමයි... බාබකිවු පාරක් දාල උයාගෙන කාල එකමුතුවෙම්න් කරන්න ඕන වැඩ පිලිවෙලක්.... එක්කෙනෙකුට උපරිම 3500.00ක් පමණ වියදම් වෙනවා.. නුවරට යනකම් නගරානතර දුම්‍රියේ ගිහින් එතන ඉදන් ලූල්කඳුරට බස් එකේ ගිහින් තමයි මේ ගමන යන්නේ.... දින තුනක ගමනක් වෙන මෙය ධීර ක්‍රියා ඝනයට අයිති වන පරිදි සැලසුම් කල ගමනක්.... පයින් යන්න වෙනවා කිලෝ මීටර 13ක් පමණ....


ඔන්න විස්තර ටික.. කැමති විදිහකට ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන විදිහට මීමුරේ යන්න එකතු වෙන්න. අපි ඉන්නවා ඔබ වෙනුවෙන් ඒ ආරක්ෂාව වගකීම කරට ගන්න... එහෙමනම් අපට කථා කරන්න පහත තොරතුරු වලට.


දුරකථන            : +94714449162
                            +94715364077
                          +94815658758

විද්‍යුත් තැපැල්   : abeetha0325@gmail.com


Tuesday, July 19, 2011

මීමුරේ යමුද කඳවුරු ජීවිතයක් ගත කරන්න....

අපේ බ්ලොග්ස් ලියන යාළුවෝ කීප දෙනෙක් මීමුරේ යන්න කතා කරන නිසා තමයි මේ ලිපිය ලියැවෙන්නේ... ලංකාවේ හුන්නස්ගිරි කදු යායෙන් පල්ලම් බහිමින් නකල්ස් කදුවැටියේ දකුණු මායිමේ තිබෙන සුංදර ගම්මානයක් තමයි මේ මී මුරේ කියන්නේ... බොහෝමයක් සංචාරකයින් දුෂ්කර පා ගමනක් ගෙවා මී මුරේ ගමට ඇවිද සීතල පිරුණු රාත්‍රියක් ගත කරන්න එන්නේ... තවත් සමහරු ඉතා සුඛෝපභෝගීව ඉඳලා හෝටල් කාමරයක් ඇතුලේ ඉඳලා යනවා.. මේ දෙකටම මැදිව ඇති තව සොඳුරු කඳවුරු බැඳීමකුත් අපි සතුයි....

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක පහසුකම් සපයන ආයතනයක් වෙන එක්ස්ප්ලොර් ලංකා ඉන්ටර්නැශනල් ආයතනය මේ සඳහා වූ සුවිශේශ  පැකේජයන් තුනක් ඔබ වෙත සුදානම් කරලා තියෙනවා... පහත පරිදි තමයි සියල්ල වෙන්නේ... මෙන්න විස්තර මුල සිට අගට...

පැකේජ අංක 01 
මේය තමයි ඉතාම සුවදායී සහ මමත් ඉතා දැඩිව කැමති පැකේජය.... සුඛෝපභෝගී කඳවුරු ජීවිතයක් එක් රාත්‍රියක් පුරා... ඔබ ඇතුල් වන දින දිවා ආහාරයේ සිට ඔබ පිටව එන දින දිවා ආහාරය දක්වා කෑම වේල් මේ සඳහා ඇතුලත්. ඒ වගේම රාත්‍රියේ බාබකියු පහසුකමක් මෙන්ම අලංකාර ගිණිමැලයක් වටා වූ සංගීත රාත්‍රියක් ගත කිරීමේ අවස්තාවකුත් හිමියි... ඔව්.. මධුවිතටත් අවස්ථාවක් නැතුවා නෙවෙයි.... 

මෙම නවාතැන 100%ක්ම කූඩාරම් වලින් සමන්විතයි... නමුත් සුඛෝපභෝගීයි... කූඩාරම ඇතුලත ඇඳන් මෙන්ම කොට්ට ඇතිරිලි ආදියෙන්ද පොහොසත්.

ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ නුවර ඉඳන්.. නුවරට ලඟාවිය යුතු වන ඔබ 4*4 වාහන වලින් මීමුරේ කඳවුරු භූමියට අප විසින් රැගෙන යනවා... පා ගමන්, ධීර ක්‍රියාකරකම් මෙන්ම තවත් බොහෝ අංග ඇතුලත් මේ පැකේජයට පැමිණි අය ප්‍රීති වන සැටි පහල පිංතුර වලින් ඔබට බලන්න පුලුවන් වේවි... 

ආරක්ෂාව නේද? කිසිදු ගැටළුවක් නෑ... අවශ්‍ය වෙන්නේ කූඩැල්ලන්ගෙන් යම් පමණකට වෙන හිරිහැරය අත් විඳ ගැනීම පමනයි.. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සහභාගී විය හැකි අපූරුතම සොඳුරු අත්දැකීමක් හමයි මේ අවස්ථාව

මිළ ගනන් නේද මීලඟ ගැටලුව....  මේ සඳහා අවම වශයෙන් 12 දෙනෙක් සහභාගී විය යුතුයි... එක් අයෙකුට රුපියල් 5200.00 ක මුදලක් අය කිරීමට තමයි අපි තීරණය කරලා තියෙන්නේ... බලන්නකෝ මේ පිංතූර.. යන්න කැමතිනම් අපිව අමතන්න.... හැමදාමත් වගේ අදත් මෙන්න අපේ දුරකථන හා විද්‍යුත් ලිපිනයන්......













දෙවෙනි හා තෙවෙනි පැකේජ පිළිබඳ විස්තර ඉදිරි ලිපි වලින් දැනගමු... 



දුරකථන        : +94714449162
                     +94715364077
                    +94815658758
විද්‍යුත් තැපැල් : abeetha0325@gmail.com