මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Friday, March 30, 2012

නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ යමුද ඇවිදගෙන........ අංක 01


ගොඩාක් කාලෙකින් කොහෙවත් ගමනක් ගියෙ නැති නිසා තමයි අද යන්න හදන්නේ ටිකක් කොළඹින් දුරක... ඒත් කිසිදු පාඩුවක් නැති, ඉතා ලස්සන පැත්තක් තමයි මේ නැගෙනහිර මුහුදු තීරය කියන්නේ..... නැගෙනහිර මුහුදු තීරයේ ආරම්භය නිලාවැලි තීරයෙන් තමයි පටන් ගන්නේ.... අවසානය ආරුගම්බේ එහෙමත් නැත්නම් පොතුවිල්, පානම මුහුදු තීරයෙන් තමයි නිල වශයෙන් අවසන් වෙන්නේ.... මේ මුහුදු තීරය ගැන.. මෙයට ලස්සන මුහුදු තීර මෙන්ම පුරා විද්‍යාත්මක ස්ථාන, රක්ෂිත වනාන්තර ආදී සියල්ල ඇතුලත්... 


මේ චාරිකාව අපි පටන් ගන්න හිතාගෙන ඉන්නේ ත්‍රීකුණාමලයට උතුරින් පිහිටි කෝකිලායි කලපුවෙන්.. එතැන් පටන් කුච්චුවේලි, නිලාවැලි, උප්පුවේලි, ත්‍රීකුණාමලය, කදිරවේලි, වාකරේ, පාසිකුඩා, කල්කුඩා, මඩකලපුව, අක්කරේපත්තු, පොතුවිල්, පානම, හරහා ගොසින් කුමන රක්ෂිත වනාන්තරයෙන් එහෙමත් නැත්නම් කුමන කුරුළු පාරාදීසයෙන් අවසන් කරන්න තමයි අපි සැලසුම් කරන්නේ..... 


එහෙනම් පළමු වෙනි ලිපියෙන් අපි කෝකිලායි කලපුවේ ඉදන් දකුණට එමු... ඒ A15 මාර්ගය දිගේ.. අලිමංකඩින් පටන් ගන්න මේ A15 මාර්ගය අවසන් වෙන්නේ ත්‍රීකුණාමලය හරහා මඩකලපුවට ගිහින්... සමාන්‍ය ව්‍යවහාරයේ පවතින්නේ මඩකලපුව යාපනේ මාර්ගය කියලයි.... ඉතින් අපි මේ සූදානම් වෙන්නේ මේ මාර්ගය දිගේ කෝකිලායි සිට ත්‍රීකුණාමලයට එන්න....


කෝකිලායි කලපුව.. ලස්සන කුරුළු අභය භූමියක්.. තිස් වසරක් පැවති දරුණු යුද්ධමය වාතාවරණයෙන් මිදිලා ඉතා සාමකාමී වාතාවරණයක් ඇති වෙලා... කෝකිලායි කළපුවේ තියෙන විශේශත්වය තමයි මහ මුහුද අද්දර තියෙන රූස්ස ගස්... විවිධ වන සතුන්ද සිටිනවායැයි කීවත් යුද්ධයෙන් පසු ඒ ගැන ලොකු විස්තරයක් දකින්න හමුවෙලා නෑ.. නමුත් වඳවී යාමේ තර්ජනයට ලක් වී ඇති සතුන් විශෙශයක් වන තිත් හොට පැස්තුඩුවන් නම් හොඳින් දැක බලාගන්න පුළුවනි... අවසනාවකට මේ සුංදර කෝකිලායි කලපුව ඉතා දැඩි පරිසර දූෂන අවධානමකට ලක් වී ඇති බවත් කිව යුතුයි....
මඟ දිගට හමුවන ලූණු වගාබිම්..


කෝකිලායි කළපුව පහුකරලා අපි එන්න ඕන පුල්මුඩේට..    මෙය ගොඩ බිමින් යනවානම් ඉතා ගොඩාක් වෙලා යන වැඩක්.. නමුත් මුහුදින් එනවානම් පොඩි කාලයක් ගත කරලා ආවහැකි.. පුල්මුඩේ තමයි ලංකාවේ ඛණිජ වැලි සමාගම තියෙන්නේ... පුල්මුඩේ අවට තියෙන රළු ඛණිජ වැලි එකතු කරමින් ඒවා පිරිපහදු කර ඉල්මනයිට් මොනසයිට් වැනි ඛණිජ නිශ්පාදනය කරමින් හා අපනයනය කරමින් සැලකිය යුතු විදේශ විනිමයක් අපේ රටට ගේනවා....


දිඟු හා පලල සුංදර නිලාවැලි වෙරල..
වෙරළ තීරය දිගේ පහලට එන අපට විඩා නිවීම සඳහා  මුණ ගැහෙන ඊලඟ වෙරල තීරය තමයි කුච්චුවේලි කියන්නේ.... එය පහුකරණ අපට මුණ ගැහෙන්නේ ලංකවේ මුහුදු තීරයන් අතරින් ඉතා සුංදරම මුහුදු තීරයක් වන නිලාවැලි මුහුදු තීරය.... නිලාවැලි මුහුදු තීරය කියන්නේ ශ්‍රී ලංකාව සතු පළලින් වැඩිම වගේම අලංකාරයෙන් අග තැන්පත් මුහුදු වෙරල තීරයක්.... ඒ වෙරලට නිල් පාටින් බබලන නිසළ මහ මුහුද  ගේන්නේ ඉතාම සොඳුරු අලංකාරයක්... නොගැඹුරු හා භයානක නැති මුහුදේ කිලෝමීටරයක් තරම් ඈතට ඇවිදගෙන යන්නට පුළුවන් වීම නිසා සංචාරකයන් මේ වෙරළ තීරයට සහ මුහුදු තීරයට දක්වන්නේ අසීමිත කැමැත්තක්... වෙරලේ සිට කිලෝ මීටර පහක් පමණ ඈතින් පිහිටා තිබෙන පරෙවි දූපතද ඉතා මනරම් ස්තානයක්.. බෝට්ටුවකින් ගමන් කළ හැකි අතර දිනය පුරාම විනෝද වන්නට මෙන්ම කුරුල්ලන් නරඹන්නටද මේ දූපත ඉතා සොඳුරු ස්ථානයක්... 


ඈතින් දිස්වෙන පරවි දූපත
නිලාවැලි මුහුදු තීරයෙන් පිටත් වී දකුණට ඇදෙන ඔබට ඒ සමානම මුහුදු තීරයක් තමයි ඇහැ ගැටෙන්නේ.. ඒ උප්පුවේලි මුහුදු තීරයයි... රාත්‍රිය ගත කරන්න නිලාවැලි සේම උප්පුවේලි මුහුදු තීරයත් පරාදීසයක්.. අනතුරුව ඔබ පිවිසෙන්නේ ත්‍රීකුණාමලය නගරයට.. සංචාරකයින්ට තෝතැන්නක් වෙන ත්‍රීකුණමල නගරයට ආසන්නම වෙරළ තීරය තමයි පළිඟු වෙරල තීරයත් ඉතා සොඳුරු වෙරල තීරයක්... එආ ආසන්නයේ නවාතැන් ගැනීමටත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඔබට පහසුකම් සායලා තියෙනවා....


දැන් ඔබ ඉන්නේ සුන්දර ත්‍රීකුණාමලය නගරයේ...... ඉතින් නින්දක් දාගෙන තව මොනවාහරි කරනවනම් යාළුවොත් එක්ක ඒවත් කරලා විවේක ගන්නකෝ... අපි යමු ඊලඟ ලිපියෙන් ත්‍රීකුණාමලය නගරය වටේ...
උප්පුවේලි මුහුදේ විනෝද වන සංචාරකයෝ...

සහායක් අවශ්‍ය වුනොත් මේ අංක වලට සහ විද්‍යුත් ලිපින වලට කතා කරන්න,,, 



දුරකථන            : +94714449162

                            +94112847690


විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

2 comments:

  1. ෂා ලංකාව වටේ යන තව එකෙක්. මට නම් වටිනවා මේ ලිපි. ඔන්න follow පාරකුත් දැම්මා. මමත් දුවනවා මගේ අත්දැකීම් පිටුවේ ගමන් බිමන් ලිපි එක්ක රට වටේ. ඒත් ඉතින් විස්තර කියන්න නම් ටිකක් කස්ටිය අකමැති. අපි වැරදි කරන එව්න් වගේ. www.sulakkhana.blogspot.com

    ReplyDelete
  2. නිලාවැලි ගිහින් නවතින්න තැනක් හොයාගන්නෙ කොහොමද??

    ReplyDelete