ශ්‍රී ලංකාව හරිම පුංචි රටක්... ඒක පුරා ඇවිදලා සංචාරය කරන්න ඔබට සෑහෙන කාලයක් යාවි.... ලියන මම අභීත එදිරිසිංහ.. එක්ස්ප්ලො(ර්) ලංකා ඉන්ටනැෂනල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරනවා... ශ්‍රී ලංකාව පුරා ඔබ නොදන්න මම නොදන්න ගොඩාක් දේවල් සැගවිලා ඇති.. අපි ඒවා හොයාගෙන යනවා.... ඒ තොරතුරු හැම එකක්ම අපි ඔයාලට හෙලි කරන්න බලාපොරොත්තු වෙනවා... ඒ විස්තර පහත අයුරින් මෙහෙමයි... සිංහල ලිපි ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන තවත් බ්ලොග් රචිකාවියක් වන ජනනි නංගිටත් මගේ ස්තූතිය මේ වෙලාවෙදි පුද කරන්නත් ඕන....
ශ්‍රී ලංකාවට සංචාරක ව්‍යාපාරය හරහා හිමි වෙන්නෙ පුදුම තැනක්... ලෝකයේ ප්‍රසිද්ධම රූපවාහිනී නාලිකාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලිවින් කියන නාලිකාව කියන විදිහට ලෝකයේ සංචාරය කරන්න සුදුසු රටවල් වලින් දෙවැනි තැන හිමිවෙන්නෙ ශ්‍රී ලංකාවට... ඔබ දන්නවාද හේතුව? පැය හතරක් ඇතුළත ලෝකයේ ඕනෑම කාළගුණික තත්ත්වයකට ලඟාවිය හැකි එකම රට ශ්‍රී ලංකාව පමණයි..... ඉතින් අපේ උරුමය හා අසිරිය රැගත් සංචාරක විත්ති ඔබ වෙත ගෙන එන්නට පටන් ගන්නෙ අපරිමාන සතුටකින් යුක්තවයි....
ශ්‍රී ලංකාවේ සංචාරක අතින් වැදගත් වන ස්ථාන..
ඒ වෙත ලඟා විය හැකි ආකාරය...
ප්‍රවාහන තොරතුරු...
හෝටල් පිළිබඳ තොරතුරු....
වැනි වැදගත් තොරතුරු වගේම ඔබට දැනගත යුතු සංචාරක තොරතුරු සම්භන්ධයෙන්ද අපෙන් විමසීම් කළ හැකියි....
මෙම බ්ලොග් අඩවිය සම්භන්ධ පූර්ණ අනුග්‍රහය එක්ස්ප්ලෝ(ර්) ලංකා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ( Explore Lanka International (Pvt.) Limited) දරනු ලබන අතර ඔබගේ සංචාරක ක්ෂේශ්ත්‍රයට අදාල ව්‍යාපාරයන් වේ නම් ඒ සඳහා ද මෙහි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වෙමි....
0094714449162 කියන දුරකථන අංකයෙනුත්
info@explorelankainternational.com කියන විද්‍යුත් ලිපිනයෙනුත් ඔබට මේ පිළිබඳ තවත් තොරතුරු නැරඹිය හැකි වෙයි...