මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Sunday, September 25, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න...

කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය

අපි අවසාන ලිපියේ සටහන් කලේ යාල වනෝද්‍යානය ගැන... එය නොකියවපු අය සිටීනම් මෙතනින් ගොස් කියවා එන්න.. අද කථා කරන්න යන්නේ යාල වනය තුල පිහිටලා එන කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය ගැන... සමහරු නම් දන්නවා මෙතන... නමුත් ගොඩාක් දෙනෙක් දන්නේ නෑ... අපි යාල යනකොට ගොඩාක් වෙලාවට කතරගමටත් ගිහින් එනවා.. බෞද්ධයෝ හැටියට කිරි වෙහෙර වැද පුදාගෙන කතරගම මහ දේවාලයත් වැද පුදාගෙන තමයි ආපහු එන්නේ.. ඉතින් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොලත් කතරගම දෙවියන් වහන්සේ හා සම්භන්ධ දෙවොලක්... හරි අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු දැන්...

තම්මිට බෝධිය
ඉතිහසයේ එන ජනප්‍රවාද ආදිය බැලුවොත් කතරගම දෙවියන් එහෙම නැත්නම් ස්කන්ධ කුමාර දෙවියන් ලෙස හඳුන්වන්නේ බුද්ධ වර්ශ වලටත් ප්‍රථම රුහුණෙහි රජකල මහාසේන රජතුමා යැයි සැලකේ... සිය අවසන් කාලයේ භාවනානු යෝගීව සිටීම සඳහා රාජත්වය අතැර පිටව ගියා කියලා තමයි සඳහන් වෙන්නේ... තවත් බොහෝ මේ සම්භන්ධව ජනප්‍රවාද ඇතත් ඒ පිළිබඳ විස්තර ඔබ අතින් කමෙන්ට්ස් ලෙස වැටෙයි කියලා හිතෙනවා.... 

ඉතින් මේ කතරගම දෙවියන්ගේ රාජධානිය ඌ ස්ථානයේ වත්මන් කතරගම මහ දේවාලය පිහිටා තිබෙන බවකියි කියැවෙන්නේ.. දෙවිදුන්ට තම බිරිඳ වල්ලි අම්ම මුණ ගැහුණ ස්ථානය සෙල්ල කතරගම ලෙසිනුත්, ඔවුන් දෙපල වැඩ සිටි කඳු මුඳුන වැඩසිටි කන්ද ලෙසටත් හඳුන්වනවා... වැඩසිටි කන්දේ සිට දුන්නෙන් විද්ද ඊ තලය වැටුන ස්ථනයේ කතරගම මහ දේවාලය ඉදි කලැයි කියාත් පැවසෙනවා.... 

එහකොට මොකක්ද මේ කැබලිත්ත දේවාලය.. මම ඉහළින් සඳහන් කල කතරගම දෙවියන්ගෙ මරණයක් ගැන ඔයාලා කවුරුවත් අහලා නැහැනේ... ඉතින් උන් වහන්සේ තවමත් භාවනා කරමින් වැඩ සිටින බවයි පවසන්නේ.. අන්න ඒ භාවනානුයෝගීව වැඩ සිටින තැන තමයි මේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය... 

පේ වීම..

කොළ අතු එල්ලා ගම්භාර දෙවියන්ට භාර වීම
සියඹලාපේ දේවාලය වඳින්න යන ඔබට හිතුමතේ යෑමට අවසරයක් ලැබෙන්නේ නෑ.. ඔබ ඒ සදහා පේ විය යුතු වෙනවා... අඛණ්ඩව දින හතකට වඩා වැඩි ප්‍රමාණයක් මස් මාළු අතුළු සත්ව ආහාර වලින් තොර විය යුතුයි.. මත්පැන් දුම්වැටි වලින් මිදිය යුතුයි... කිළි යැයි හැඳින්වෙන කටයුතු වලින් ඈත් විය යුතුයි... කිසිවෙක් ඔබ මෙසේ කළාදයි ප්‍රශ්ණ කරන්නේ නැති මුත් අවට ගම්වාසීන් හා තතු දන්න අය පවසන්නේ මෙසේ පිළිවෙතින් තොරව කැබලිත්ත වන්දනාමාන කරන අයට ඒ සඳහා ලඟ වීමට රුදුරු භාදක එල්ල වෙන බවයි...

ගමන් මාර්ගය

මේ සඳහා ගමන් මාර්ග හතරක් තියෙනවා... 

යුධ හමුදාවෙන් සංග්‍රහයක්..
1. යාල පලටුවාව පිවිසුමෙන් ඇතුලු වී යාල කොටස් 1 හා 2 ඔස්සේ සියඹලාපේ දේවාලයට ඇතුළු වීම. මේ මාර්ගය ඉතාම ලස්සනයි, බියකරුයි, ටිකක් වියදම වැඩියි ( අනිවාර්යයෙන්ම ජීප් රථ දෙකක් යොදා ගත යුතුයි. නැතිනම් යාල 2 කොටසට පිවිසීමට වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුව අවසර දෙන්නේ නැහැ..) ගතවන කාලය වැඩියි.

2. ගල්ගේ පිවිසුමෙන් අතුළු වී යාල 3 කොටස හරහා විත්  සියඹලාපේ දේවාලයට ලන්ගා වීම. මෙම මාරගය අළුතින් ආරම්භ කිරීම නිසා ඉතා පහසුවෙන් ලඟා විය හැකියි. දිනක් වගේ කාලයක් තුල ගිහින් එන්න පුලුවන් කියලා තමයි විශ්වාස කරන්නේ...

ගමන ටිකක් දුෂ්කරයි
3. මොනරාගල කොටියාගල අඩ්වියෙන් ඇතුල් වී කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා විය හැකිය. මෙම මාර්ගය ගැන කියද්දිනම් කියන්න තියෙන්නේ මෙම මාර්ගය භාවිතා කරන්න එපා කියලයි.. මෙය නීති විරෝදී මාවතක්.. මේ තුල සිදුවන හිරිහැර වලට වනජීවී දෙපාර්තුවවත් වගකීමට බැදී නැත. 

4. කුමන රක්ශිතයෙන් ඇතුල් වී ඔකඳ දේවාලය හරහා පැමිණ කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා වීම. මෙම මාර්ගය බොහෝ විට යොදාගන්නේ කතරගම පෙරහැර සමයට පාද චාරිකාවේ එන හින්දු බැතිමතුන්... මෙයත් ඉතාම අලංකාර මාවතක්.


කැබැලිත්ත දේවාලයට අපි ලඟා වූ හැටි...

ගමන ටිකක් දුෂ්කරයි
අපි තෝරගත්තේ ගල්ගේ පිවිසුමෙන් ඇතුළු වී සියඹලාපේ දේවාලය වන්දනා කිරීමට යන මාර්ගයයි... කතරගමින්ම 4x4 රථයක නැගුන අපි උදේ 7.45 පමණ වනවිට ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වුනා.. අපිට මග පෙන්නුවේ වන සත්ව නියාමක මදුශාන් මහතා.. රියැදුරු ප්‍රසන්නත් මෙම මාර්ගයෙන් ගමන් ගන්නා ප්‍රථම වතාව වුනා... වනයට ඇතුළු වෙද්දිම වාහනය නැවතූ අප ගසක කොල අත්තක් කඩා ගම්භාර දෙවියන් යැද්දේ මෙම ගමන ආරක්ෂා සහිතව ගිහින් එන්නට අවශ්‍ය ආශිර්වාදය ලබා ගැනීමටයි.... හිතේ තිබුන ගුප්ත ගතිය නිසාමදෝ මෙම ගමන ඉතා භක්තිමත් ලෙස යන්නට අවස්ථාව ලැබුනා.... මුලින්ම අපට හමු වුනේ තම්මිට බෝධීන් වහන්සේ... එතනට මල් පහන් පුදා අපි කැබලිත්ත බලා පිටත් වුනා.. දවල් 11 පමණ වනවිට අපට කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාල භූමියට ලඟා වෙන්නට පුළුවන් වුනා... කැබලිත්ත යුධ හමුදා කඳවුරෙන් අපට ලැබුණ සංග්‍රහය ගැනත් මතක් කල යුතුයි...

ලිපිය දිග වැඩි වෙන නිසාම අපි පූජාව සැකසීම, පූජාව පිදීම වගේම ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන ඊලඟ කොටසින් කථා කරමු.

මේ හා සම්භන්ධ කාරනා සඳහා අපිට කථා කරන්න පහත අංක හා විද්‍යුත් ලිපිනයන්ට...

දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

Wednesday, September 21, 2011

යාල යාල එන්න සතුන් බලන්න..... වන සතුන් අතරේ සුන්දර මොහොතක් ගත කරමුද?


ටිකක් ජනප්‍රිය මාතෘකාවක් තෝරගත්තේ, තනිකරම  කථා මාලාවක් ලියන්න හිතාගෙන.... අපේ ශ්‍රී ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් විශාලත්වයෙන් ප්‍රමුඛ තැනක් ලබා සිටින ජාතික වනෝද්‍යානයක් තමයි යාල ජාතික වනෝද්‍යානය කියන්නේ.... මෙම වනෝද්‍යානය ගැන සම්පූර්ණයෙන්ම කථා කරනවා නම් පරිච්ඡේද රාශියකින් යුතු පොතක් ලියන්න වේවි..එහෙම කරලවත් අවසන් කරන්න බැරිවේවි... පළවෙනි කොටසින් අපි සූදානම් වෙමු ‍යාල ගැන පොඩි හැඳින්වීමක් කරන්න... 

‍යාල පරිපාලන දිස්ත්‍රික්ක දෙකකට අයිති වෙනවා... එකක් හම්බන්තොට. අනෙක මොණරාගල. පළාත් වශයෙන්ද බැලුවොත් ද දෙකක්. ඒ දකුණු පළාත හා ඌව පළාත වශයෙන්... ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තිබෙන වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් තමයි පාලනය වෙන්නේ.... යාල වනෝද්‍යානය කොටස් පහකින් යුක්ත වෙනවා.. ඒ වගේම ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන දැඩි රක්ශිතයන් තුනෙන් එකක් වෙන යාල දැඩි රක්ෂිතය පිහිටා තිබෙන්නෙත් මෙහි... ඉදිරි ලිපිවලින් අපි මේ කොටස් පහ ගැන වෙන වෙනම කථා කරන්න බලාපොරොත්තු වෙනවා... 

යාල රක්ෂිතයට පිවිසීම සඳහා ඔබට පාරවල් දෙකක් තිබෙනවා... එකක් වන්නේ තිස්ස නගරය හරහා කිරින්දෙන් ගොස් නිමලව හරහා පලටුපානට පැමිණ යාලට ඇතුල් වීමයි... අනෙක කතරගම බුත්තල මාර්ගයේ ගල්ගේ පිවිසුමෙන් යාලට ඇතුල්වීමයි... පලටුපාන පිවිසුමෙන් ඇතුල්වන ඔබට යාල අංක 1 හා 2 කොටස් වල සංචාරය කල හැකි වන අතර ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වෙන ඔබට යාල  අංක 3, 4 හා 5 කොටස්වල සංචාරය කල හැකිය...

යාල වනාන්තරයට පීසීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා... මම ඔබට කියන්නම් ඒ ගැනත් ටිකක්... පළමුවෙන්ම මතක තියා ගන්න ඕන ඔබ මේ පිවිසෙන්නේ වන සතුන්ගේ අඩවියකට... ඔවුන්ව විශ්වාස කරන්න අමාරුයි.. අහිංසකයින් මෙන්ම රුදුරු සතුන්ද මෙහි එක වගේ හැසිරෙනවා.. එම නිසා ඔවුන්ට බධාවක් වෙන්නට කිසි සේත්ම ඉඩ තියන්න එපා.. දිවියන් වගේම විශාල ඇත්තු ඔබ අසලටම ඒවි.. නිශ්ෂබ්ධව සිටීම තමයි කලයුතු හොඳම දේ.. ඒ වගේමයි, පොලිතීන්.... හැමතැනටම වගේ මෙතනටත් පොලිතීන් පොදු සතුරෙක්..  ඉතින් අරන් යන හැම පොලිතීන් කැබැල්ලක් වගේම අනෙක් සියල්ලමත් ආපසු අරගෙන එන්න ඔබ අමතක කරන්න එපා... කථාවක් තියෙනවා අහලා තියෙනවනේ නේද "පිය සටහන් පමණක් ඉතිරි කර එන්න" කියලා..  

යාල වනෝද්‍යානය තමයි ලංකාවේ තිබෙන වනෝද්‍යාන අතරින් වැඩිම ආදායමක් උපයන්නේ... ඒ එහි තිබෙන සත්ව සුලභත්වය නිසා.. ඉතාම දුර්ලභ සතුන් මෙහි පහසුවෙන් දකින්නට හැකියි... යාල සංචාරය  කරන්නට නම් 4 x 4 වාහනයක යන එක තමයි වඩාත් සුදුසු... පිවිසුම් දොරටු දෙක ලඟම එවැනි වාහන ඕන තරම් තිබෙනවා.. මතක් කරලා නගින්න කලින් බලන්න එම වාහනය ඇත්තටම 4 x 4 වාහනයක් ද කියලා.. ඔබ සංචාරය කරන්නේ දින දෙකකට හෝ ඊට වැඩි කාලයකටනම් අනිවාර්යයෙන්ම 4 x 4 වාහනයක් ගන්න එක නුවණට හුරුයි... එක් දිනක් හෝ වරුවක කාලයක් සංචාරය කරනවානම් 4 x 4 නැති වුනත් ඒ සඳහා සුදුසු වාහනයක් යොදා ගන්න එක තමයි වඩාත් සුදුසු...

මම හිතන්න්නේ පළවෙනි කොටසට මේ ඇති... යාල වනෝද්‍යානයේ තිබෙන කොටස් හතර, දකින්න පුළුවන් සතුන්, බංගලා කඳවුරු බිම්, එහි වසන සතුන්, කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවාලය වගේ දේවල් ගැන අපි ඉදිරි කොටස් වලින් කථා කරමු...

යාල කැලේ යන්නට අදහස් කරනවාද? වැඩි විස්තර සඳහා පහත අංක හා විද්‍යුත් ලිපින වලට අමතන්න. 



දුරකථන            : +94714449162

                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com