මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Sunday, June 26, 2011

බස්නාහිර මුහුදු තීරය දිගේ ගාල්ලට යන්න එනවද අපිත් එක්ක....... 01

විවිධ සංචාරක සටහන් අතරේ මේ වගේ කතා මාලාවන්ද ලියන්නට මම බලාපොරොත්තු වෙනවා.... මම එහෙම අදහස් කලේ කොළඹ ඉඳන් ගාල්ලට වෙරළ තීරය දිඟේ යන එක එක ලිපියකින් කියලා ඉවර කරන්න අමාරු නිසයි.....  කොහොමත් ඔබ කවුරුත් දන්නවනේ කොළඹ ගාල්ල පටන් ගන්නේ ගාලු මුවදොර පිටියෙන්..... ඉතින් අපි එතන ඉඳන් යන්න පටන් ගමු....

ගාලු මුවදොර පිටියේ දසුන්
ගාළු මුවදොර පිටිය අපේ රටේ තියෙන සුන්දරම හා ඓතිහාසික ස්ථානයක්.... විදේශිකයින් අපේ රට ආක්‍රමණය කල කාලයෙ සිටම පැවතෙන මෙම ගාළු මුවදොර රටේ වැදගත් මෙන්ම එම සමයේ එල්ලා මැරීම් හා ප්‍රසිද්දියේ වෙඩි තබා මැරීම් වැනි දඬුවම් ලබා දීමටද භාවිතා කර තිබෙන බවටත් සාක්ශි හමුවී තියෙනවා.. කෙසේ වෙතත් අද දිනයේ රාජ්‍ය උත්සව පැවැත්වීමටත් භාවිතා කරන්නේ මේ ස්ථානයයි.. සුංදර හවස්වරුව පුරාවට හිරු බැස යන අයුරු නරඹමින් විනෝද වීමට දේශීය විදේශික ජනතාවගේ ආදරය ගාළු මුවදොර පිටියට එක් රැස් වීම වර්තමානයේ ඉතා සුලභ දසුනක්.....ගලධාරී හෝටලය, සිලෝන් කන්ටිනන්ටල් හෝටලය, ටාජ් සමුද්‍රා හෝටලය හා ඉතා පෞරාණික වටිනාකමකින් හෙබි සුප්‍රසිද්ධ ගාළුමුවදොර හෝටලයද තිබෙන්නෙත් මේ ගාළු මුවදොර පිටිය අසලමයි...

ගාළු මුවදොර පසු කර ඉදිරියට යනවිට අපට මුණ ගැසෙන්නේ කොළඹ නගරයේ අසිරිමත් පෙදෙසුයි.... කොළඹ 3 සහ කොළඹ 4 ලෙසින් දැන් හැදින්වෙන කොල්ලුපිටිය හා බම්බලපිටිය නගරයි.... කැසිනෝශාලා, රාත්‍රී සමාජශාලා  මෙන්ම සාප්පු සවාරියේ යාමටද කදිම ප්‍රදේශයක් තමයි මේ පෙදෙස. ඉතා ජනප්‍රිය වෙළඳ සංකීර්ණ දෙකක් වෙන ලිබර්ටි ප්ලාසා හා මැජෙස්ටික් සිටි නමින් හැදින්වෙන වෙලඳ සංකීර්ණ දෙක පිහිටා තිබෙන්නෙත් මේ ප්‍රදේශයේ....

ඊලඟට හමුවෙන්නේ වැල්ලවත්ත..... එහෙම නැත්නම් කොළඹ 06 කියන ප්‍රදේශය... මෙයද ඉතා ජනාකීර්ණ හා රථ වාහන තදබදය නිතර පවතින ප්‍රදේශයක්... සුන්දර මුහුදු තීරයකට උරුමකම් කියන වැල්ලවත්ත කොළඹ නගර සීමාවට අයත් සුංදරම මුහුදු තීරය වෙනවා... උදේ සහ හවස වරුවල ව්‍යායාම්වල යෙදීම සඳහා මෙන්ම විනෝද වීමට පැමිනෙන පිරිස් වලින්ද, පෙම් සුව විඳීමට පැමිනෙන පෙම්වතුන්ගෙන්ද වැල්ලවත්ත මුහුදු තීරය පිරී ඉතිරී යනවා... මසුන් මැරීම විනෝදාංශය කරගත් දේශීය විදේශීය සංචාරකයින්ටද මෙම මුහුදු තීරය ඉතා සුදුසු ස්ථානයක්.....

මීලඟට හමුවෙන්නේ දෙහිවල නගරය... දෙහිවල හන්දියෙන් වමට හැරී කරගම්පිටිය හන්දියෙන් නැවත වමට හැරී කිලෝමීටරයක් දුරක් ගියාට පස්සේ තමයි අපේ රටේ ජාතික සත්වෝද්‍යානය හමු වෙන්නේ.... දේශීය මෙන්ම විදේශීය සතුන් බොහොමයක් ඔබට මෙහිදී නරඹන්න පුළුවන්.... රූපවාහිනියෙන් පොත්පත් වලින් පමණක් ඔබ දැකපු සතුන් පිය ඇසින් බලන්න එන්න මෙතනට.... 

ගල්කිස්ස මුහුදු වෙරලේ දසුන්..
දෙහිවල පසුකර ඉදිරියට යද්දි තම්යි ඔබට ලෝ පරසිදු ගල්කිස්ස මුහුදු තීරය හමු වෙන්නේ..... දවසේ පැය විසි හතර පුරා ජනාකීර්ණ ස්ථානයක් සහ ඉතාම ලස්සන වෙන මෙම මුහුදු තීරය ඉතාම විනෝදජනක මුහුදු තීරයක්... ඉන්දියන් සාගරයේ පිහිනන්න, ජලක්‍රීඩා කරන්න, අව්ව තපින්න, වෙරලේ ක්‍රීඩා කරන්න, වගේම මත්පැන් බෝතල් සමඟ සතුටුවෙන්නත් මෙතනට ලොකු පොඩි දේශී විදේශීය සංචාරකයෝ අපමණ පැමිනෙනවා.... සුන්දර ආදර කථාවක ඉතිහාසය රැගත ගල්කිස්ස මහ හෝටලයත් පිහිටා තිබෙන්නේ මෙම මුහුදු තීරයේ හරි මැදමයි....

මීලඟට ඔබට හමු වෙන්නේ රත්මලාන මොරටුව, පානදුර නගරයන්..... සුන්දර බොල්ගොඩ වැව මොරටු ගඟ ආදී අලංකාර වටපිටාවක් වගේම නාගරීකරණය වූ සමාජ වටපිටාවක්ද ඔබට දැක ගත හැක.... ඊට පසු ඉතාම අලංකාර සහ නිශ්ශබ්ද වෙරළ තීරයකට ඔබට පිවිසිය හැකියි.. ඒ තමයි වාද්දුව වෙරල තීරය.... නිස්කලංක වෙරල තීරයක් වූ මෙහි ඊට සමගාමීව පිහිටා ඇති පොල් ඉඩම් නිසා තවත් ආකර්ශනීය වෙනවා.... තරු පහේ හෝටලයක් වුන බ්ලූ වෝටර් හෝටලය, වාද්දුව නිවාඩු නිකේතනය, විලා ඕශන් වීව් හෝටලය වගේ ඉතාම ලස්සන සංචාරක හෝටල්ද පිහිටල තියෙන්නේ වාද්දුවේ....

එහෙමනම් ගාල්ල බලා යන ගමනේ පළමු කොටස මින් අවසන් වෙනවා... සඳහන් කරපු තැන් ගැන වැඩි විස්තර දැනගන්නා හා ඒ අවට ඇති හෝටල් වගෙම මෙහි සඳහන් නොකල හෝටල් වෙන්කරවා ගැනීමටත් පහත අංක අමතන්න..එසේ නැතිනම් පහත සදහන් ලිපිනයට විද්‍යුත් ලිපියක් එවන්න.... 


මීලඟ ලිපියෙන් කළුතර සිට බලපිටියට යමු.....  


දුරකථන        : +94714449162
                     +94112178209
විද්‍යුත් තැපැල් : abeetha@explorelankainternational.com






5 comments:

  1. ඔන්න අභියා සිරා වැඩක් කරන්නයි යන්නේ

    ReplyDelete
  2. ඕඕඕඕ, මෙන්න නියම වැඩක්. ජය!

    ReplyDelete
  3. නියමයි මම ලංකාවෙ ආසම තැන් වලින් එකක් කොළඹ සිට ගාල්ල දක්වා මුහුදු තීරය සහ ඒ ගමන...! තව සුට්ටක් රස කරලා ලියන්නකෝ

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අයියා මම තංගල්ලේ....හෝටල් ක්ෂේත්‍රය හා සම්බන්දව තම ඉන්නේ.... ලියන්නකෝ මේ පැත්ත ගැනත්...විස්තර ඔනි නම් මම දෙන්නම්....

    ReplyDelete