මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Wednesday, June 1, 2011

කැළණි ගඟ දිගේ ඩිංගි බෝට්ටු පදින්න යන්න එන්න......


ඉතාමත් කාර්ය බහුලව ගෙවිච්ච පසුගිය කාලය නිසා ඇත්තටම මේ බ්ලොග් එකේ පෝස්ට් එකක් දාන්න ප්‍රමාද වූ බව කිව යුතු වෙනවා.... මේ මාතෘකාව දැක්ක සැනින් ඔබට  මතක් වේවි කොහෙද ලංකාවේ මෙහෙම දෙයක් කරන්නේ තියෙන්නේ කියලා..අටුවා ටීකා වැඩක් නෑ.. තැන තමයි කිතුල්ගල. මගේ අත්දැකීම්වලට අනුව මම හිතන්නේ කිතුල්ගල තමයි එක් දින චාරිකාවක් යන්න ලංකාවේ හොදම තැන... ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් බෙලි ලෙන, ඔස්කාර් සම්මාන ලද චිත්‍රපටයක් වූ "ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි" චිත්‍රපටයේ පසුතලය හා එහි නටබුන්, පහත රට තෙත් කලාපීය වනබිම්, අලංකාර තේ වතු හා රබර් වතු ආදීන්ගෙන් සුසැඳි කිතුල්ගලට සංචාරකයින් ප්‍රධාන වශයෙන් ඇදෙන්නේ කැළණි ගඟ ආශ්‍රිතව වූ ධීර ක්‍රියාකාරකම් නිසයි.


ඉතින් කිතුල්ගල යන අය වෙනුවෙන් තමයි මේ ලිපිය ලියැවෙන්නේ.... කිතුල්ගලට ප්‍රවිශ්ඨ වෙන්න ප්‍රධාන මාර්ග හතරක් ගැන සඳහන් කරන්න පුළුවන්..... කොළඹ හා බස්නාහිර මුහුදු තීරය මෙන්ම දකුණේ ජීවත් වෙන අයටත් ලේසිම මාර්ගය වෙන්නේ අවිස්සාවේල්ලට ඇවිත් කරවනැල්ලෙන් දකුනට හැරිලා යටියන්තොට පසු කරමින් කිතුල්ගලට ලඟාවීම... කුරුණෑගල කෑගල්ල ආදී ප්‍රදේශ වගේම අනුරාධපුර පොලොන්නරුව ත්‍රීකුණාමලය වගේම යාපනය පැත්තේ ඉන්න අයටත් ලේසි පාර වෙන්නේ කෑගල්ල, ගලිගමුව, රුවන්වැල්ල පසු කර කරවනැල්ලෙන් වමට හැරී යටියන්තොට පසු කර කිතුල්ගලට ලඟාවීමට හැකි මාර්ගයයි.... නුවර ගම්පොල මාතලේ  අයටනම් නාවලපිටිය හරහා ගිනිගත්හේනට ඇවිත් දකුනට හැරෙන එක තමයි ලේසි. ඒ වගේම මධ්‍ය කඳුකරය හා ඒ ආශ්‍රිත අයට පුළුවන් හැටන් හරහා ගිනිගත්හේනට ඇවිත් වමට හැරී කිතුල්ගලට ලඟා විය හැකියි...

කිතුල්ගල බෙලි ලෙන
ඉස්සෙල්ලාම කතා කරමු බෙලි ලෙන ගැන.. අවුරුදු 25000ක් පමණ අතීතයකට හිමිකම් කියන බෙලි ලෙන මධ්‍ය ශිලා යුගයට (මෙසොලිතික යුගය..)අයත් වෙන බවක් තමයි සඳහන් වෙන්නේ... ඉතා විශාල ලෙන් තුනකින් සමන්විත මෙහි ප්‍රධාන ලෙන අඩි හැටක ප්‍රවිශ්ඨ දොරටුවකින් මෙන්ම අඩි 40ක උසකින් යුක්තයි.... බෙලි ලෙනේ ඉහල සිට බෙලි ලෙන පාමුලට ඇද හැලෙන සිහින් දිය ඇල්ල මීට එක් කරන්නේ අපූරු අලංකාරයක්. දැනට කරන ලද කාබන් පරීක්ෂණ වලට අනුව පුද්ගලයින් 30 දෙනෙකුගේ පමණ කොටස් හමුවී ඇති බව පවසයි....

ඊලඟට මම කියන්න හදන්නේ ලෝ සුපතල ඉංග්‍රීසි චිත්‍රපටයක් වෙච්ච ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි චිත්‍රපට පසුතලය ගැනයි... දැනටත් එම ස්ථානය ආශ්‍රිතව වැල් පාලමක් තියෙනවා.. දෙවෙනි ලෝක යුද්ධය හා ගෙතුනු චිත්‍රපටයක් වෙච්ච මෙය 1957දී තමයි තිරගත වෙලා තියෙන්නෙ.. ඔස්කාර් සම්මාන 7කට මෙන්ම තවත් සම්මාන රාශියකට උරුමකම් කී මෙම චිත්‍රපට පසුතලයෙන් දැනට ඉතිරි වී ඇත්තේ පාලම ඉදි කිරීම සදහා සවිකල විශාල යකඩ කොකු හා හෑරූ විශාල වලවල් පමණයි....

මීලඟට එහි පරිසර පද්ධතිය.... පහතරට තෙත් කලාපීය වනබිමක අසිරිය දැක ගත හැකි අතර, මීමින්නන් වල් ඌරන් වැනි සිව්පාවුන් ගහනයි.... ලංකාවට පමණක් ආවේණික කැහිබෙල්ලා සහ රතු දෙමලිච්චා වැනි පක්ෂීන්ද අං කටුස්සා වැනි සතුන්ද දැකගන්නට ඔබට හැකියාව තියෙනවා... ඕලු ඇල්ල සහ දිය කෙලියටම සැදුන ගල් වලක්ද තිබෙන වන තුරුලිය හමුවේ සැරි සැරීමද ඇත්තටම සොඳුරු අත්දැකීමක්....

කැළණි ගඟේ සැඩ පහර දිගේ ඩිංගි බෝට්ටු පැදීම (White Water Rafting) තමයි වර්තමානයේ කිතුල්ගල තියෙන ජනප්‍රියම අංගය..... කිලෝමීටර හතරක දුරක් විනාඩි 45ක් පමණ ගමන් කරන මේ ත්‍රාසජනක චාරිකාව ඇග හිරිවට්ටන අත්දැකීමක්.... ආරක්ෂිත කබා (Safety Jackets) මෙන්ම ආරක්ෂිත හෙල්මට් (Safety Helmets) පැළඳීමද අනිවාර්යයි.... මාරන්තික පිමි හතරක් පනිමින් බෝට්ටුවෙන් වැටී සැඩ පහර හා පොර බඳිමින් විනෝදයෙන් මේ ගමන යන්න ඔබට හැකිවේවි... බෝට්ටුවට ගොඩ වී විනාඩි පහක් යනතෙක් "ඇයි මම මේකට නැග්ගේ" කියා ඔබට සිතේවි....  විනාඩි දහයක් යනවිට "මේ ගමන මොන තරම් මිහිරිදැයි" සිතේවි... වැල් පාලම යටින් යන ඔබට අවස්ථාවක් ඒවි බෝට්ටුවෙන් බැස ගඟේ පාවෙන්නට.... එයත් ඉතා සුංදර මෙන්ම ත්‍රාසජනක අවස්ථාවක්.... අඩි 40ක් පමණ ගැඹුරු වතුරක ඔබ සැහැල්ලුවෙන් පාවෙනවා (Body Rafting) දැනෙන විට ඔබට ඇත්තට පුදුම සිතෙවි...... මෙම අත්දැකීම විඳින්න ඔබ ආසයි ඒත් භයයි කියලා අපි දන්නවා.... අපිත් එක්ක එකතු වෙන්න සහතිකලත් ජීවිතාරක්ෂකයින් සමඟ මේ ගමන යන්න එන්න...

එහෙනම් කිතුල්ගල ගැන ලියැවෙන පුංචි ලිපිය මම මෙයින් නවත්තන්නම්.. එහෙනම් කිතුල්ගල යන්න... අපිත් එක්ක එකතුවෙන්න.... මෙන්න තියෙනවා විස්තර..

දුරකථන : 0112178209
විද්‍යුත් තැපැල් : abeetha@explorelankainternational.com


11 comments:

  1. දවසක ට්‍රිපක් දා ගන්න ඕනි සෙට් එක එක්කම

    ReplyDelete
  2. රංගයාගේ පෝස්ට් එක කියවපු එකෙක්නං ඒක මතක්වෙනකොට ගමනේ අවසානය දක්වාම "මම වැටුනොත්" කියල හිතෙයි... මොකෝ ලයිෆ් ගාඩ්ගෙ වැඩකිඩ දන්නවනෙ...

    ReplyDelete
  3. එන්න නම් ආසයි අයියේ... බලමු...

    ReplyDelete
  4. අපි ඊයෙක් කතා උනා මේ ගැන. එන්න තමා හිතාගෙන ඉන්නෙ. මේ පෝස්ට් එකෙනුයි ඉස්සෙල්ලා එකෙනුයි විස්තර ගොඩක් එකතු උනා. පැකේජ් ගැන විස්තර දාහං. අපිට කට්ටිය හදා ගන්න

    ReplyDelete
  5. නියම වැඩක්නෙ පටන් අරං තියෙන්නෙ ....
    වටිනාකම කියලා නිම කරන්න බැහැ .......

    ReplyDelete
  6. boat එකට rent එක කීයක් විතරද?

    ReplyDelete
  7. මම මාකන්දාව කැලේ කුරුල්ලො බලන්නනම් ගිහින් තියෙනවා. මේ වැඩේට යන්නනම් කට්ටියක් ඕනනෙ. දාන්නකො පැකේජ් විස්තර.
    බෙලි ලෙන බලන්නත් ඕගොල්ලො එක්ක යනවද?

    ReplyDelete
  8. මෙහෙමයි..අඩුම පැකේජ් එක තියෙන්නේ එක්කෙනෙකුට 2250.00යි.. දිවා කෑම, සිසිල් බීම, හවස තේ හෝ කෙටි කෑම, බෝට්ටු සවාරිය, කොළඹ සිට ප්‍රවාහන පහසුකම්, මේ ඔක්කොම ඇතුලත්... අවම වශයෙන් 10ක් ඉන්න ඕන.. ඒත් ඊට අඩුවෙන් යනවනම් මට දුරකතන ඇමතුමක් දෙන්නකො.... මම යමක් කරලා දෙන්නම්...

    ReplyDelete
  9. අපි ඉතින් පීඩිත පන්තියේ උදවියනේ ..

    ReplyDelete
  10. යන්න නම් ආසයි.බලමුකෝ සෙට් වෙන්න...

    ReplyDelete
  11. උඹට වෙලවක කෝල් කරන්නම් ට්‍රිප් එකක් සෙට් කරගන්න.

    ReplyDelete