මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Sunday, June 12, 2011

රොකී ක්ලිෆ් ලී බංගලාවට යන්න එන්න....


අද කියන්නේ වැඩ කරලා මහංසි වෙලාවක නිවාඩු පාඩුවේ ගිහින් මනස සැහැල්ලු කර ගන්න පුළුවන් ඉතා අපූරු නිවාඩු නිකේතනයක් ගැනයි... පුංචි කඳු ගැටයක් මැද්දේ හුදකලා වෙච්ච ලී බංගලාවක ලංතෑරුම් එක්ක රාත්‍රියක් ගත කරන්න ආසද? ආලින්දයට වෙලා තරු ගනින්න..... ඈත කඳුවලින් දිස්වෙන පුංචි පුංචි විදුලි එළි නිවෙන පත්තු වෙන හැටි බලන් ඉන්න..... එහෙනම් මෙන්න ඒ තැන ගැන විස්තර.. නම රොකී ක්ලිෆ් වුඩ්න් බන්ගලෝ (Rockey Cliff Wooden Bungalow).....

ඔන්න කොටේජ් එක ගැන විස්තර... මේ ලී කොටේජ් එක, එක් කාමරයකින් විසිත්ත කාමරයකින්, ආලින්දයකින්, කෑම කාමරයකින් හා කුස්සියකින් සමන්විතයි... දෙදෙනෙක්ගේ සිට හයදෙනෙක් දක්වා ඉතා සුව පහසුව නවතින්න පුළුවන්.... පිරිමි ළමයි කණ්ඩායමක් වගේ නම් දහදෙනෙකුට වගේ නවතින්න පුළුවන්... ඊට අමතරව කූඩාරම් වල අවශ්‍ය තරම් නවතින්න පුළුවන්...



ආහාර ප්‍රශ්ණය නේද? කෑමට අදාල කළමණා ගිහින් දුන්නම එතන බලාගන්න අය ඔබට ආහාර පිළියෙල කරලා දෙයි.. හරි හරි...., බයිට් එහෙමත් හදලා දෙයි..ඒත් බඩු ටික අරන් යන්න... බත් සහ එළවළු සහිත කෑම වේලක් සහ තෝසෙ ඉට්ලි වගේ දමිළ කෑමකට අවශ්‍ය කළමණා අරගෙන යනවනම් මට ඔබට විශේශයෙන් යමක් කියන්න ඕන... ඒ ඉතාම රහට සැකසූ අහාර වේලක් භුක්ති විඳින්නට ඔබට හැකිවේවි.... 

ඊලඟට මොකක්ද දැනගන්න ඕන.. ආ.. සනීපාරක්ෂාවද? ප්‍රධාන ලී කොටේජ් එක සඳහා ඉතා පිරිසිඳු වැසිකිලියක් හා නාන කාමරයක් තියෙනවා... කූඩාරම්වල ඉන්න අය සඳහා පිරිසිඳු වැසිකිළි පහසුකම් වගේම විවෘත නාන වතුර මල් සවි කරලා තියෙනවා... දිය නෑම සඳහා ලස්සන පිහිල්ලක් වගේම දිය ඇල්ලක්ද ඉඩමේ කෙලවරක පිහිටා තියෙනවා...

හරි.. දැන් ආලෝකය... කිසිදු විදුලි බල්බයක් නෑ... ලැන්තෑරුම් හා ගෑස් ලාම්පු ඔබේ අඳුර මඟ හරවාවි... සෑම ඇඳකම තියෙන විඳුලි පන්දම හදිසි අවශ්‍යතාවයකට ඔබ ලඟ හිඳීවි. ඔබගේ බැටරි අඩු වෙච්ච ජංගම දුරකතන රාත්‍රියේ ස්විචය ඕෆ් කර භාර දුන් පසු උදේට චාජ් කර දෙන්න එතන කාර්ය මණ්ඩලය කටයුතු සලසා දේවි...

.
එහෙ ගිහින් බලන්න තියෙන්නෙද? කොත්මලේ ජල විදුලි වැඩසටහන වගේම ඉහල කොත්මලේ ජල විදුලි වැඩසටහනත් නැරඹීමේ හැකියාව තියෙනවා... මහනුවරට කිලෝ මීටර 40කින් පමණ ලඟාවිය හැකි නිසාත් නුවර එළියට කිලෝමීටර 30කින් පමණ ලඟා විය හැකි නිසාත් ඒ ආශ්‍රිත ප්‍රදේශ නැරඹීමේ හැකියාව තියෙනවා.... මේ කොටේජයේ නවාතැන් ගන්න ඔබට අත්පන්දු, බැඩ්මින්ටන් වැනි එළිමහන් ක්‍රීඩාවලත් චෙස්, කැරම් වැනි ගෘහස්ත ක්‍රීඩාවලත් යෙදීමේ පහසුකම තියෙනවා.... ඊට අමතරව පා පැදියක නැගී ප්‍රදේශය පුරා සංචාරය කිරීමේ අවස්තාවක්ද ලබා ගත හැකියි.. වනය තුල පා ගමන් මෙන්ම කුරුල්ලන් නැරඹීමටද පහසුකම් සලසා තියෙනවා... ඊට අමතරව ධීර ක්‍රියාකරකම් සහිත විශේෂ පැකේජයක්ද ඔබට සුදානම් කර ගන්න පුළුවන්.... 


දැන් ඉතින් ගාස්තුව නේද? මෙහි නැවතීමට පමණක් එක රාත්‍රියකට රුපියල් 7500.00ක මුදලක් අය කරනවා.... කූඩාරම් ගහගෙන ඉන්නවනම් එක් අයෙක්ගෙන් රුපියල් 500.00ක මුදලක් අය කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ.. කූඩාරම් සංකල්පය කෙරේ එනවානම් අඩුම තරමේ පස් දෙනෙක්වත් පැමිණිය යුතුයි. මීට අමතරව විශේෂ සේවාවන් සඳහා එක් එක් අය කිරීම් තීරණය වෙනවා... උදාහරණයක් ලෙස මධු සමය ගත කරන්නට එන පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් මෙන්ම ධීර ක්‍රියාකාරකම් (Adventure Activities) සඳහා එන අයටද සුවිශේෂ පැකේජයන් ලබා ගත් හැකියි.








වැඩි විස්තර දැනගන්න ඕනනම් හෝ මෙය වෙන් කරවා ගැනීමට අවශ්‍යනම්  දුරකථන අංකය තමයි.... 0714449162.

4 comments:

  1. මේක කලිනුත් දාලා තිබුණා නේද කොහෙ හරි?

    ReplyDelete
  2. නියම තැන... වෙලාවක යන්න ඕන...

    ReplyDelete
  3. මේක ඉස්සෙල්ලා දාලා තිබුනෝ ........

    ReplyDelete
  4. ගොඩක් හොද බ්ලොග් එකක්.. ස්තුතියි තොරතුරු බෙදා ගත්තට…

    ReplyDelete