මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Tuesday, July 19, 2011

මීමුරේ යමුද කඳවුරු ජීවිතයක් ගත කරන්න....

අපේ බ්ලොග්ස් ලියන යාළුවෝ කීප දෙනෙක් මීමුරේ යන්න කතා කරන නිසා තමයි මේ ලිපිය ලියැවෙන්නේ... ලංකාවේ හුන්නස්ගිරි කදු යායෙන් පල්ලම් බහිමින් නකල්ස් කදුවැටියේ දකුණු මායිමේ තිබෙන සුංදර ගම්මානයක් තමයි මේ මී මුරේ කියන්නේ... බොහෝමයක් සංචාරකයින් දුෂ්කර පා ගමනක් ගෙවා මී මුරේ ගමට ඇවිද සීතල පිරුණු රාත්‍රියක් ගත කරන්න එන්නේ... තවත් සමහරු ඉතා සුඛෝපභෝගීව ඉඳලා හෝටල් කාමරයක් ඇතුලේ ඉඳලා යනවා.. මේ දෙකටම මැදිව ඇති තව සොඳුරු කඳවුරු බැඳීමකුත් අපි සතුයි....

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සංචාරක පහසුකම් සපයන ආයතනයක් වෙන එක්ස්ප්ලොර් ලංකා ඉන්ටර්නැශනල් ආයතනය මේ සඳහා වූ සුවිශේශ  පැකේජයන් තුනක් ඔබ වෙත සුදානම් කරලා තියෙනවා... පහත පරිදි තමයි සියල්ල වෙන්නේ... මෙන්න විස්තර මුල සිට අගට...

පැකේජ අංක 01 
මේය තමයි ඉතාම සුවදායී සහ මමත් ඉතා දැඩිව කැමති පැකේජය.... සුඛෝපභෝගී කඳවුරු ජීවිතයක් එක් රාත්‍රියක් පුරා... ඔබ ඇතුල් වන දින දිවා ආහාරයේ සිට ඔබ පිටව එන දින දිවා ආහාරය දක්වා කෑම වේල් මේ සඳහා ඇතුලත්. ඒ වගේම රාත්‍රියේ බාබකියු පහසුකමක් මෙන්ම අලංකාර ගිණිමැලයක් වටා වූ සංගීත රාත්‍රියක් ගත කිරීමේ අවස්තාවකුත් හිමියි... ඔව්.. මධුවිතටත් අවස්ථාවක් නැතුවා නෙවෙයි.... 

මෙම නවාතැන 100%ක්ම කූඩාරම් වලින් සමන්විතයි... නමුත් සුඛෝපභෝගීයි... කූඩාරම ඇතුලත ඇඳන් මෙන්ම කොට්ට ඇතිරිලි ආදියෙන්ද පොහොසත්.

ප්‍රවාහන පහසුකම් සැපයෙන්නේ නුවර ඉඳන්.. නුවරට ලඟාවිය යුතු වන ඔබ 4*4 වාහන වලින් මීමුරේ කඳවුරු භූමියට අප විසින් රැගෙන යනවා... පා ගමන්, ධීර ක්‍රියාකරකම් මෙන්ම තවත් බොහෝ අංග ඇතුලත් මේ පැකේජයට පැමිණි අය ප්‍රීති වන සැටි පහල පිංතුර වලින් ඔබට බලන්න පුලුවන් වේවි... 

ආරක්ෂාව නේද? කිසිදු ගැටළුවක් නෑ... අවශ්‍ය වෙන්නේ කූඩැල්ලන්ගෙන් යම් පමණකට වෙන හිරිහැරය අත් විඳ ගැනීම පමනයි.. කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම සහභාගී විය හැකි අපූරුතම සොඳුරු අත්දැකීමක් හමයි මේ අවස්ථාව

මිළ ගනන් නේද මීලඟ ගැටලුව....  මේ සඳහා අවම වශයෙන් 12 දෙනෙක් සහභාගී විය යුතුයි... එක් අයෙකුට රුපියල් 5200.00 ක මුදලක් අය කිරීමට තමයි අපි තීරණය කරලා තියෙන්නේ... බලන්නකෝ මේ පිංතූර.. යන්න කැමතිනම් අපිව අමතන්න.... හැමදාමත් වගේ අදත් මෙන්න අපේ දුරකථන හා විද්‍යුත් ලිපිනයන්......













දෙවෙනි හා තෙවෙනි පැකේජ පිළිබඳ විස්තර ඉදිරි ලිපි වලින් දැනගමු... 



දුරකථන        : +94714449162
                     +94715364077
                    +94815658758
විද්‍යුත් තැපැල් : abeetha0325@gmail.com

19 comments:

  1. පට්ට කෑලි ටික

    ReplyDelete
  2. සිරාවට

    ReplyDelete
  3. ඒ නංගිලාගෙ ගම මීමුරේ ද??

    ReplyDelete
  4. මගේ ජීවිතේ මා ලැබූ සුන්දරතම අත්දැකීමක්.පුලුවනන්නම්
    යන්න හැමෝම. හරිම ලස්සන ගමනක්.

    ReplyDelete
    Replies
    1. මමත් යනව මීමුරෙු

      Delete
  5. අපේ නෙක්ස්ට් ට්‍රිප් එක මීමුරේ.. මං මේක අනිවා තාත්තාට පෙන්වන්නම්.. :-D

    අර කිවත් වගේ උඩ ඉන්න නංගිලා ටික මීමුරේදැ ? :P

    ReplyDelete
  6. නියම තැනක්නේ යකඩෝ...

    ඒත් අර වතුරට පනින්න තියෙන තැනනං අප්සෙට්..

    ReplyDelete
  7. Gimhani

    හරිම ලස්සන තෑන් තියනවා නාන්න. වටේම ගස් වැල් වලින් වට උන.
    මිනිස් පුලුටක් පලාතක නෑ . ඇඳුමි නැතුව උනත් නාන්න පුලුවන්.

    ReplyDelete
  8. අනේ අබී අයියේ අපිට ගැලපෙන පැකේජය දෙක දාලා ඉදින්කො මුලින්ම. :D

    ReplyDelete
  9. අඩේ අභි අයියා.... සමහරවිට ලංකාවට ආව වෙලාවක ඔයාට කතා කරන්නම්.... ඒත් 12 දෙනෙක්ම ඕනෙද ???

    ReplyDelete
  10. දැං හොයපල්ලකො 12ක්.
    එහෙම නෙවෙයි, දෙතුන් දෙනෙකුට හරි තනියම හරි යන්න පුලුවන් පැකේජ් නැද්ද, බේබද්දො නැතුව?

    ReplyDelete
  11. ගෙදරත් එක්ක කතා කරන්න ඕනි දැක්කම මටත් ආස හිතුනා 12ට වැඩිය යන්න පුළුවන් පැකේජ් නැද්ද අභීත අයියේ

    ReplyDelete
  12. Nice place to visit.

    Ushani.

    ReplyDelete
  13. අභීත අයියේ.. මේ ෆොටෝ ඔයාද ගත්තේ?

    මෙතන තියෙන්නෙත් මේවාම නේ ..

    http://www.randholeeresorts.com/content.php?sub=28

    ReplyDelete
    Replies
    1. මේව මල්ලි By foot adventuresලාගේ ෆොටෝස්.. අපි ලඟ මී මුරේ ලස්සන පින්තූර සීරීස් එකක් නෑ..

      Delete
  14. පට්ට ටිරිප් 1ක කොම්පියුටර ලෝකයෙන් බැහැර වෙලා ගත කරපු සුන්දර දවස් ටික තෑන්ස්

    ReplyDelete
  15. https://www.facebook.com/media/set/?set=oa.379929078765468&type=1

    ReplyDelete
  16. https://www.facebook.com/media/set/?set=oa.379929078765468&type=1

    ReplyDelete