මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Sunday, September 25, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න...

කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය

අපි අවසාන ලිපියේ සටහන් කලේ යාල වනෝද්‍යානය ගැන... එය නොකියවපු අය සිටීනම් මෙතනින් ගොස් කියවා එන්න.. අද කථා කරන්න යන්නේ යාල වනය තුල පිහිටලා එන කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය ගැන... සමහරු නම් දන්නවා මෙතන... නමුත් ගොඩාක් දෙනෙක් දන්නේ නෑ... අපි යාල යනකොට ගොඩාක් වෙලාවට කතරගමටත් ගිහින් එනවා.. බෞද්ධයෝ හැටියට කිරි වෙහෙර වැද පුදාගෙන කතරගම මහ දේවාලයත් වැද පුදාගෙන තමයි ආපහු එන්නේ.. ඉතින් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොලත් කතරගම දෙවියන් වහන්සේ හා සම්භන්ධ දෙවොලක්... හරි අපි මේ ගැන වැඩි විස්තර කතා කරමු දැන්...

තම්මිට බෝධිය
ඉතිහසයේ එන ජනප්‍රවාද ආදිය බැලුවොත් කතරගම දෙවියන් එහෙම නැත්නම් ස්කන්ධ කුමාර දෙවියන් ලෙස හඳුන්වන්නේ බුද්ධ වර්ශ වලටත් ප්‍රථම රුහුණෙහි රජකල මහාසේන රජතුමා යැයි සැලකේ... සිය අවසන් කාලයේ භාවනානු යෝගීව සිටීම සඳහා රාජත්වය අතැර පිටව ගියා කියලා තමයි සඳහන් වෙන්නේ... තවත් බොහෝ මේ සම්භන්ධව ජනප්‍රවාද ඇතත් ඒ පිළිබඳ විස්තර ඔබ අතින් කමෙන්ට්ස් ලෙස වැටෙයි කියලා හිතෙනවා.... 

ඉතින් මේ කතරගම දෙවියන්ගේ රාජධානිය ඌ ස්ථානයේ වත්මන් කතරගම මහ දේවාලය පිහිටා තිබෙන බවකියි කියැවෙන්නේ.. දෙවිදුන්ට තම බිරිඳ වල්ලි අම්ම මුණ ගැහුණ ස්ථානය සෙල්ල කතරගම ලෙසිනුත්, ඔවුන් දෙපල වැඩ සිටි කඳු මුඳුන වැඩසිටි කන්ද ලෙසටත් හඳුන්වනවා... වැඩසිටි කන්දේ සිට දුන්නෙන් විද්ද ඊ තලය වැටුන ස්ථනයේ කතරගම මහ දේවාලය ඉදි කලැයි කියාත් පැවසෙනවා.... 

එහකොට මොකක්ද මේ කැබලිත්ත දේවාලය.. මම ඉහළින් සඳහන් කල කතරගම දෙවියන්ගෙ මරණයක් ගැන ඔයාලා කවුරුවත් අහලා නැහැනේ... ඉතින් උන් වහන්සේ තවමත් භාවනා කරමින් වැඩ සිටින බවයි පවසන්නේ.. අන්න ඒ භාවනානුයෝගීව වැඩ සිටින තැන තමයි මේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලය... 

පේ වීම..

කොළ අතු එල්ලා ගම්භාර දෙවියන්ට භාර වීම
සියඹලාපේ දේවාලය වඳින්න යන ඔබට හිතුමතේ යෑමට අවසරයක් ලැබෙන්නේ නෑ.. ඔබ ඒ සදහා පේ විය යුතු වෙනවා... අඛණ්ඩව දින හතකට වඩා වැඩි ප්‍රමාණයක් මස් මාළු අතුළු සත්ව ආහාර වලින් තොර විය යුතුයි.. මත්පැන් දුම්වැටි වලින් මිදිය යුතුයි... කිළි යැයි හැඳින්වෙන කටයුතු වලින් ඈත් විය යුතුයි... කිසිවෙක් ඔබ මෙසේ කළාදයි ප්‍රශ්ණ කරන්නේ නැති මුත් අවට ගම්වාසීන් හා තතු දන්න අය පවසන්නේ මෙසේ පිළිවෙතින් තොරව කැබලිත්ත වන්දනාමාන කරන අයට ඒ සඳහා ලඟ වීමට රුදුරු භාදක එල්ල වෙන බවයි...

ගමන් මාර්ගය

මේ සඳහා ගමන් මාර්ග හතරක් තියෙනවා... 

යුධ හමුදාවෙන් සංග්‍රහයක්..
1. යාල පලටුවාව පිවිසුමෙන් ඇතුලු වී යාල කොටස් 1 හා 2 ඔස්සේ සියඹලාපේ දේවාලයට ඇතුළු වීම. මේ මාර්ගය ඉතාම ලස්සනයි, බියකරුයි, ටිකක් වියදම වැඩියි ( අනිවාර්යයෙන්ම ජීප් රථ දෙකක් යොදා ගත යුතුයි. නැතිනම් යාල 2 කොටසට පිවිසීමට වනජීවී සංරක්ෂණ දෙපාර්ථමේන්තුව අවසර දෙන්නේ නැහැ..) ගතවන කාලය වැඩියි.

2. ගල්ගේ පිවිසුමෙන් අතුළු වී යාල 3 කොටස හරහා විත්  සියඹලාපේ දේවාලයට ලන්ගා වීම. මෙම මාරගය අළුතින් ආරම්භ කිරීම නිසා ඉතා පහසුවෙන් ලඟා විය හැකියි. දිනක් වගේ කාලයක් තුල ගිහින් එන්න පුලුවන් කියලා තමයි විශ්වාස කරන්නේ...

ගමන ටිකක් දුෂ්කරයි
3. මොනරාගල කොටියාගල අඩ්වියෙන් ඇතුල් වී කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා විය හැකිය. මෙම මාර්ගය ගැන කියද්දිනම් කියන්න තියෙන්නේ මෙම මාර්ගය භාවිතා කරන්න එපා කියලයි.. මෙය නීති විරෝදී මාවතක්.. මේ තුල සිදුවන හිරිහැර වලට වනජීවී දෙපාර්තුවවත් වගකීමට බැදී නැත. 

4. කුමන රක්ශිතයෙන් ඇතුල් වී ඔකඳ දේවාලය හරහා පැමිණ කුඹුක්කන් ඔයෙන් එතෙර වී සියඹලාපේ දේවාලයට ලඟා වීම. මෙම මාර්ගය බොහෝ විට යොදාගන්නේ කතරගම පෙරහැර සමයට පාද චාරිකාවේ එන හින්දු බැතිමතුන්... මෙයත් ඉතාම අලංකාර මාවතක්.


කැබැලිත්ත දේවාලයට අපි ලඟා වූ හැටි...

ගමන ටිකක් දුෂ්කරයි
අපි තෝරගත්තේ ගල්ගේ පිවිසුමෙන් ඇතුළු වී සියඹලාපේ දේවාලය වන්දනා කිරීමට යන මාර්ගයයි... කතරගමින්ම 4x4 රථයක නැගුන අපි උදේ 7.45 පමණ වනවිට ගල්ගේ පිවිසුමෙන් ඇතුල් වුනා.. අපිට මග පෙන්නුවේ වන සත්ව නියාමක මදුශාන් මහතා.. රියැදුරු ප්‍රසන්නත් මෙම මාර්ගයෙන් ගමන් ගන්නා ප්‍රථම වතාව වුනා... වනයට ඇතුළු වෙද්දිම වාහනය නැවතූ අප ගසක කොල අත්තක් කඩා ගම්භාර දෙවියන් යැද්දේ මෙම ගමන ආරක්ෂා සහිතව ගිහින් එන්නට අවශ්‍ය ආශිර්වාදය ලබා ගැනීමටයි.... හිතේ තිබුන ගුප්ත ගතිය නිසාමදෝ මෙම ගමන ඉතා භක්තිමත් ලෙස යන්නට අවස්ථාව ලැබුනා.... මුලින්ම අපට හමු වුනේ තම්මිට බෝධීන් වහන්සේ... එතනට මල් පහන් පුදා අපි කැබලිත්ත බලා පිටත් වුනා.. දවල් 11 පමණ වනවිට අපට කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාල භූමියට ලඟා වෙන්නට පුළුවන් වුනා... කැබලිත්ත යුධ හමුදා කඳවුරෙන් අපට ලැබුණ සංග්‍රහය ගැනත් මතක් කල යුතුයි...

ලිපිය දිග වැඩි වෙන නිසාම අපි පූජාව සැකසීම, පූජාව පිදීම වගේම ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන ඊලඟ කොටසින් කථා කරමු.

මේ හා සම්භන්ධ කාරනා සඳහා අපිට කථා කරන්න පහත අංක හා විද්‍යුත් ලිපිනයන්ට...

දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

5 comments:

  1. මාත් කවදාවත් ගියපු නැති ස්ථානයක්..
    ඔබගේ ලිපිය කියෙව්වම යන්න හිතුන.
    බොහොම ස්තුතියි නිතර යන්නේ නැති මෙවැනි ස්ථාන හඳුන්වා දෙනවාට.

    ReplyDelete
  2. මේ තැන ගැන මමත් අහලා තියෙනවා. තනියම ගිය සමහරැන්ට ගොඩක් වසානාව ගෙන දෙන දේ ලැබුනා කියලා අහලා තියෙනවා. එවගේම හරි පුදුම දේවල් අහලා තියෙනවා මේ තැන ගැන. මෙතන තමයි හරියටම කතරගම දේවියන් ඉන්නා තැන කියලා තමයි කියන්නේ. එවගේම මම දැනුවත් ව එක් පුද්ගලයෙකු සිටිනවා මෙතනට ගොස් අදටත් කිසිම මස් මාළු නොකන අයෙක්. ඔහු කලින්නම් අමු බේබද්දා. හැබැයි දැන්නම් එහෙම නැ. මෙතනට යන්න අමාරැයි කියලා අහලා තියෙනවා. එවගේම ජිවමානව කතරගම දේවියන් මුණ ගැසුනා කියන අයත් ඉන්නවා. කෙහොම වුනත් තැන ගැන දැනගන්න ලැබිම සතුටක්

    ReplyDelete
  3. ගොඩක් ආසාවෙන් මේ ලිපි කියවන්නෙ. කවදාවත් ගිහින් නැති උනත් යන පාරවල් පවා දැනගෙන යන්න පුලුවන්. ගොඩක් වටිනවා.

    ReplyDelete
  4. good work machan..i hope to go there with my friends..i ll call you for the more information's.

    ReplyDelete
  5. ලිපිය දමාපු දවසෙම කියෙව්වත් මට වචනයක් ලියන්න එදා බැරි උනා. ගොඩාක් වටිනවා මේ විස්තරය. අභීත මල්ලී ලෝකෙ කොහේ ගියත් අපේ රට වගේ සුන්දර තැනක් මා දැක නෑ. ඒ වටිනාකම අපේ රටේ ඇත්තන්ට නොදැනෙන එක තමයි පුදුමෙ. යන යන තැන අපිරිසිදු කරල තමයි යන්න බලන්නෙ. තමන් ගෙනියන දේ පරිහරනය කරල ඉවර උනාම නිසිතැන ඒවා දමන්නේ නෑ. එතනම හලලා එනවා. සමහර වෙලාවට මට දුකයි මේ මිනිස්සු හැසිරෙන හැටි දැක්කම. අපි ටික කලකට මැලේශියාවේ දූපතකට ගියා. ඒ දූපතට ඇතුල්වෙන තැනම ලියාතිබූ සටහනක් මෙයට එක්කරන්න කැමතියි. " ඔබ මෙහි එනවිට රැගෙන ආ සියල්ලම ආපසු රැගෙන යන්න. ඔබේ සුන්දර පා සටහන පමනක් මේ වැල්ල මත තබා යන්න. එවිට එය ඔබේ දරුවන්ට මතු දිනක හමුවෙනු ඇති." මෙහිදී ව්‍යංගයෙන් කියන්නේ ප්ලාස්ටික් , වීදුරු වැනි අප ද්‍රව්‍ය ආපසු දූපතෙන් රැගෙන යන ලෙසයි. කිසිම දෙයක් බිම වත් දමන්න දෙන්නේ නෑ . ඒවා අධීක්ශණය කරනවා.ඒ නිසාම සුන්දර පරිසරය සුරැකෙනවා. මුහුදු වෙරළේදී ඉතාම ලස්සන මාළු වර්ග කිසිම අපහසුවකින් තොරව පැහැදිළි වතුරේ දකින්න පුළුවන්. ඔයාගෙ මේ සටහන් පෙළම හරිම වැදගත්. ස්තූතියි! මල්ලි, මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.

    ReplyDelete