මේ පුංචි ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මැද තියෙන දූපතක් බව අපිට අමුතුවෙන් කියන්න ඕන වෙන්නේ නැහැ.. සංචාරය සදහා සුදුසු මෙවන් දිවයිනක් ලෝකයෙන්ම තියෙන්නේ මේ රට විතරයි කියන එක තමයි අපේ පුද්ගලික හැඟීම... රට වටකර තිබෙන වෙරළ තීරයන් වගේම අවුරුදු 2500කටත් වඩා පැරණි ඉතිහාසයත්, පැය හතරක් ඇතුලත ලෝකයේ තියෙන ඕනැම දේශගුණික කලාපයන් ආශ්‍රිත පරිසරයන්ට ඇතුල්වීමටත් හැකිවීමත්, වර්තමානයේ රට තුල තිබෙන ඉතා සාමකාමී වාතාවරණයත්, ඉතා දුර්ලභ අවස්තාවක් කියලයි අපට හිතෙන්නෙ..... ඉතින් මේ පුංචි දිවයිනේ අපූරුව ලොවට කියන්නට දරන උත්සාහයක් තමයි මේ....... ශ්‍රී ලංකාව තුල තිබෙන සංචාරක ස්ථාන, ක්‍රියාකරකම්, සංචාරක සේවා ආදී සියළු තොරතුරු අපි මෙහි පළවන බ්ලොග් සටහන් මගින් එකින් එක ඔබ වෙත ගේනවා....

Tuesday, October 4, 2011

යාල ගිය ගමන් කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන්න එන්න... 2


යාල ජාතික වනෝද්‍යානය ගැන ලියැවෙන කථා මාලාවේ තුන්වැන්න තමයි මේ.. දෙවෙනි ලිපියෙන් අපි කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන ගමන ගැන... එම ගමනේ දෙවෙනි පියවර ගැන තමයි මේ ලිපියෙන් කියන්න යන්නේ... ගියවර ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන් කථා කලේ කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දේවාලයට යන මාර්ගය, පේවීම ගැන... අද පූජාව සැකසීම, පූජාව පිදීම හා ඒ හා සම්භන්ධ අරුම පුදුම සිදුවීම් ගැන කතා කරමු... එහෙමනම් කෙලින්ම කථාවට යමු...

පූජාව සැකසීම

අපි මුලින්ම කථා කරමු පූජාව සැකසීම ගැන.... ශ්‍රී ලංකාව පුරා තිබෙන පූජනීය ස්ථානවල පූජාව හදන ක්‍රමයට වඩා ගොඩාක් වෙනස් මෙහි පූජාව.. අපේ සිත්වල භක්තිය උපරිම කරමින් පූජාව සැකසෙන ක්‍රමයක් තමයි තියෙන්නේ.... මේ පිළිබඳව හසල දැනුමක් තියෙන වන සත්ව නියාමක මධුශාන් මහත්තයා තමයි අපව මේ පිළිබඳව දැනුවත් කලේ...  මුළින්ම අපි කලේ කුඹුක්කන් ඔය අයිනට ගොසින් වලවල් හතක් හාරපු එක... හැම වලක්ම අතින් හෑරීම වැදගත්... ඉන් පසු කොල අතු ගෙනත් ඉහලින් කොල රොඩු නොවැටෙන්න ඒවා වහපු එක... එහෙම කරන්න හේහුව වෙන්නේ පූජාව සඳහා පිරිසිදුම ජලය ලබා ගන්න එක.. ඉන් පසුව අපි කුඹුක්කන් ඔයෙන් නා පිරිසින්දු වුනා.. ඊලඟට පෑඅ කාරිය උනේ දේව පූජාව සකසන එක... ගොඩාක් අය දන්නවා ඇති කතරගම දෙවියන් සඳහා පිළියෙල කරන පැණි බත... එහෙම නැත්නම් අපි හඳුන්වන්නේ මුරුතැන් බත කියන එක... එය සැකසීම තමයි අපි දැන් කරන්න යන්නේ.... ලිප් ගල් තුනක් එකට තබා ඊට උඩින් උඩු වියන් බැඳ තමයි මේ කටයුත්ත කරන්නේ.. අපේ කෙළ පොදක්වත් මේ අහාර වලට මිශ්‍ර වීම වැලැක්වීම සඳහා මුඛ්හවාඩම් බැදීමක්ද කෙරෙනවා... සීනි, හකුරු, මුන්, මුද්දරප්පලම් එකතු වුන ඉතා ප්‍රණීත රසැති බතක් තමයි මේ පැණි බත කියන්නේ... මේ ආකරයට පිළියෙල කර ගත්ත පැණි බත අපි පිරිසිදුව පාත්තර වලට බෙදා වසා සකසා ගන්නවා... 

ඉන් අනතුරුව තමයි අපි පූජා වට්ටිය සකසන්නේ.... පළතුරු 9ක් හෝ 12ක් ලෙස තමයි මේ වට්ටිය සැකසෙන්නේ.. එයත් මුඛවාඩම් දමාගෙන තමයි අපි සැකසුවේ.. මේ පිංතූර වලින් ඔබ දකින්නේ එයයි... වට්ටිය මත පිළිවෙලට බුළත් කොළ ඇතිරා ඒ මත කහ වතුරින් සෝදාගත් පළතුරු තැබීමත්, ඒ මත හඳුන්කූරු, කපුරු ආදිය මෙන්ම පඬුරුද තැබීමයි කරන්නේ... අපි දැන් පූජාව පිදීම ගැන කථා කරමු...

පූජාව පිදීම

පූජාව සැකසීම අවසන් වුනාට පස්සේ අපි නැවතත් කුඹුක්කන් ඔයෙන් නා ගෙන පිරිසිදු වී සුදු ඇදුමින් සැරසුනා... පිරිමි අයට මේ සඳහා සුදුසු සුදු පැහැ සරමක්... කාන්තාවන් වැඩිය මෙහි ගමන් නොකරතත් (පුරාණයේ නම් මේ බිමට කාන්තාවෝ එන්නෙම නෑ කියලයි කිව්වේ) එනවානම් සුදුසු සුදු පැහැ ඇඳුම්ව් ඇඳීම තමා ගොඩාක් සුදුසු... පිරිමි අයගේ උඩුකයට ඇඳුමක් නැති වුනත් ගැටළුවක් නෑ.... (යාපනය නල්ලූර් කෝවිලට ගිය අයට මේ අත්දැකීම ඇති....) පූජාව සැකසූ ස්ථානයේ සිට මීටර 100ක් වගේ ඈතින් තමයි මේ ඓතිහාසික සියඹලාපේ දේවාලය පිහිටලා තියෙන්නේ... ඉතින් අපි මේ පුද පූජාවන් අරගෙන දේවාලය බලා පිටත් වුනා.. දේවාලයට යෑමට ප්‍රථම සියඹලාපේ ඓතිහාසික බෝධීන් වහන්සේ හම්බෙනවා.... බෞද්ධයින් වශයෙන් අපි එතනට ගොසින් මල් පූජා කර, පහන් හඳුන්කූරු පත්තු කර තෙරුවන් සිහිකරගෙන දේවාලය බලා පිටත් වුනා....

මේ දේවාල භූමිය හරිම අමුතුයි, පය තැබූ සැනින් එන්නේ හරිම නිවිච්ච, ගුප්ත, භක්තිමත් හැඟීමක්.... මෙහි අඳුරු කුටි නැහැ... ආරූඪ වෙන කපු මහත්තුරු නැහැ... නොතේරෙන යාතිකා නැහැ.... පඬුරු පෙට්ටි නැහැ.... එතරම්ම නිස්කලංක දෙවියන් වැඩ සිටිය හැකියැයි අපටම හැගෙන තරමටම සුවදායීඑ භූමියක්... එම දේවාල භූමිය පිරිසිදු කිරීමෙන් අනතුරුව අපි අපේ පුජ්ජවන් තබා පේ ප්‍රාර්ථනා ඉටුකරගැනීමට දෙවියන් සහය යැද්දා.... එහි වැඩ කටයුතු අවසනයේ පසු පසට ගමන් ගත් අපි දේවාලය පෙනෙන නොපෙනෙන මානයේදී හැරිලා නැවත සියඹලාපේ බෝධීන් වහන්සේ වැඳ පුදා එම පූජා භූමියෙන් ඉවතට ආවා.... ඔබට දැන් ගටලුව්ක් ආවා නේද ඇයි අප පසු පසට ගමන් ගත්තේ කියලා.... හිතෙ තිබෙන භක්තිය නිසාත් හා එය චිරාත් කාලයක් පැවතගෙන එන චාරිත්‍රයක් නිසාත් තමයි අපි එහෙම පසු පසට ඇවිදගෙන ආවේ.... 

අපි දැන් පූජාව සැකසීම සහ පිදීම ගැන කිව්වා.... දැන් අපි කියන්නේ මේ දේවාලය හා බැඳුන අපූරු සිදුව්වෙම් දෙක තුනක්... දේවාලය සලම තිබෙන හමුදා සොයුරන් කියපු දේවල් තමයි අපි මේ කියන්න යන්නේ..... අපි විශ්මයට පත් උන සිද්ද වුන පුවත තමයි එක් වන අලියෙක්ගේ ක්‍රියා කලාපය... යුධ හමුදා සොයුරන් ඔහුව හදුන්වන්නේ දේවාලේ අලියා කියලා.. මේ දේවාලේ අලියාගේ ක්‍රියා කලාපය මොකක්ද දන්නවද? සතියකට වරක් හෝ දෙවරක් පැමිණ දේවාල භූමියේ තිබෙන සියළුම අනවශ්‍ය ඉදිකිරීම් කඩා බිඳ දමන එක... එසේ කඩා බිඳ දමා දේවාල භූමිය පෙර තිබූ පරිදිම සකසා තැබීම තමයි මේ රාජකාරිය.. වන සත්ව නියාමක මදුශාන්ගේ අත් දකීම් වලට අනුව පේ නොවී එන අයට බලාපොරොත්තු නොවන කරදර වලට මුහුණ පාන්න සිදුවන බවක් කීවා... කුඹුක්කන් ඔය හා අනෙක් ආරු හදිසියේ පිටාර ගලන්නට පටන් ගැනීම, වනයේ අතරමං වීම වැනි කාරණා ඔහු හුවා දැක් වූවා... 

දෙවියන්ව පිදීමෙන් ලද භක්තිමත් හැඟීමෙන් අපි ආපහු ආවා... ඔබත් යනවනම් පිළිවෙතින් යන්න.. අභියෝගයට ලක් කරන්න හිතාගෙන මෙතනට යන්න එපා කියලා මම ආයාචනය කරනවා... ඉතින් හොඳ අත්දැකීම් විඳගනිමින් ගිහින් දේවාශිර්වාදයත් අරන් එන්න කැබලිත්ත ඓතිහාසික සියඹලාපේ දෙවොල වෙත යන්න... සියළු දේ සැලසුම් කරගන්න හා අවශ්‍ය තවත් තොරතුරු දැනගන්න කතා කරන්න පහත අංකයට හෝ විද්‍යුත් ලිපිනයට....


දුරකථන            : +94714449162


                            +94112178209

විද්‍යුත් තැපැල්   : abeetha@explorelankainternational.com

4 comments:

  1. මේක ඉතා වටිනා ගමනක්. මෙතැන කාලයක්ම නොයෙක් ප්‍රශ්න නිසා කාටවත් යන්න බැරිව තිබ්බේ. නමුත් දැන් ටික ටික ජනතාව ගැවසෙනවා. මම කාගෙනුත් ඉල්ලනවා මේවා බලන්න ගියාට කමක් නැහැ මේ අපේ සම්පත් මේ දෙවල් රැක ගන්න. ඒ තැන්වල තිබෙන සිරිත් විරිත් ආරක්ෂා කරගන්න. මේවා දියුණු කරනවා කියලා මේ තියන සැනසිල්ල නැති කරන්න එපා. මම හිතනවා අභීත දකින්න ඇති මොබයිල් ෆෝන් එකවත් වැඩ කරන් නැහැ එතනට. ඒ නිසා අපි යන කාරිය හරියට කරගන්න ලැබෙනවා. මෙතැනට ගියාම වෙනම ලෝකයකට ගියා වගේ. මෙතැන තිබෙන විෂේශයත් ඒකයි. අපි රැක ගත යුත්තේත් ඒකයි.

    ReplyDelete
  2. Abeetha ayya "Siyabale Dewalaya" thawath ek wandana gamanak widihata katawath kiyanna epa mema isthanaya Katharagama Dewiyan jeewa manawa wada sita bawana yogeewa inna thana. ethanata gihin puda pooja thabeema yathika kireema mata hithena hatiyata sudusu na. loku hithe bakthiyak thiyana ayata ethanata gihin bawana kireema, Pirith Sadgayana kireema nam hoday. puda pooja walata Katharagama Maha Dewalaya, Kiriwehera laga thiyana Mahasen Dewalaya Thiyanawa ne pooja welawata dewiyan ema dewalawalata wadinawa. mama lagadi giya "Kabaliththe" ethana enna ennama Ape ana aya winasha karanawa. maha wikara karala thiyanawa Rahu apala duruwenna redikali ellala,Dewiyange pinthoora print karala gahala... mama godak ewage ellapu ewa galawala awa. thawa ape aya karanawa Dewiyan innawada kiyala balanna Digital cam walin pic gannawa ehema karanna awashaya na. Dewiyan innawada kiyala balanna ethanata yanna ona na. YANA AYATA MAMA KIYANNE ARAGENA YANA KISIMA DEYAK DALA ENNA EPA HAMA DEYAKMA ARAGENA ENNA. POOJA BANDA KISIWAK THIYANNA EPA GIHIN WADALA ENNA....

    ReplyDelete
  3. මේ කැබිතිල්ල දේවාලය කොහෙද තියෙන්නේ කියන දේ මම හොය හොයා හිටියේ.. මම දැක්ක මූණු පොතේ තිබ්බ පින්තූර ටිකක්...ඇත්තෙන්ම ගොඩක් විස්තර ඉගෙන ගත්තා කැබිතිල්ල දේවාලය ගැන.. ස්තූතියි ලිපියට...

    ReplyDelete
  4. අභීත,
    මේකට අලුත් මොනව හරි දන්ඩෝඩෝඩෝඩෝඩෝ

    ReplyDelete